දෘඩ තැටිය (Hard disk)
පරිගණකයෙහි ප්‍රධානම ද්විතියික මතක උපාංගය(Secondary storage device) මෙන්ම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය(Operating system) ස්ථාපිත කරනු ලබන ස්ථානය වන්නේ ද දෘඩ තැටියයි(Hard disk).එම නිසා දෘඩ තැටිය මිලදී ගන්නා විට සොයා බැලිය යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත.විවිධ වෙළඳ නාම යටතේ විවිධ මිල ගනන් යටතේ විවිධ ධාරිතාවයන්ගෙන් සහ වේගයන්ගෙන් යුත් දෘඩ තැටි වෙළඳපොලෙන් මිළදී ගත හැක.
එහෙත් දෘඩ තැටිය මිලදී ගන්නා විට පළමුව අප සොයා බැලිය යුත්තේ අපට අවශ්‍ය කොපමණ ධාරිතාවයකින්(Capacity) යුත් එකක්ද යන බවයි.එය තීරණය කරනු ලබන්නේ අප ස්ථාපනය(Install) කිරීමට බලා පොරොත්තු වන මෙහෙයුම් පද්ධතිය(Operating system) සහ අප පරිගණකයෙන් කිරීමට බලාපොරොත්තු වන කාර්යයන් මතය.අපට බොහෝ වැඩ සටහන් ගබඩා කර තබා ගැනිමට අවශ්‍යනම් වඩා වැඩි ධාරිතාවයක් සහිත දෘඩ තැටියක් මිලදී ගතයුතුය.
තවද බොහෝ විට දෘඩ තැටියෙහි පරිභ්‍රමන වේගය(Revolution per minute) වැඩි එකක් නම් එය පරිගණකයෙහි වේගය වැඩි වීම කෙරෙහි බලපෑමක් ඇතිකරයි.එම නිසා පරිභ්‍රමන වේගය(Revolution speed) වැඩි එකක් මිලදී ගන්න.නවීන තාක්ෂණය සහිත එස් එස් ඩී(SSD) දෘඩ තැටි වල දත්ත සම්ප්‍රේෂන වේගය(Data transmission speed) ඉතාමත් වැඩිය.එහෙත් මේවායේ තැටි අඩංගු නැත.

දෘඩ තැටිය මිලදී ගන්නා විට එය මව්පුවරුවට සහ බලසැපයුමට සම්බන්ධ කල හැකිදැයි පරීක්ෂා කළ යුතුය.විශේෂයෙන් අයි ඩී ඊ(IDE) සහ සාටා(SATA) පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
Thava ekak thiyena SSD puluvantharam use karana. Eth echchara salli nethnam oyagollanta puluvan ssd eka ape hard disk eke cache eka vidiyata use karanna. Net eke hoyala balanako SSd caching gana. Meken godak speed vadi venava.
ReplyDeleteThank U...
ReplyDelete