බල සැපයුම් ඒකකය (Power supply unit)

                   පරිගණකයෙහි පද්දති ඒකකය(System unit) තුල පිහිටා ඇති උපාංග ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වන විදුලිය නිසි අයුරින් පාලනය කර බෙදා හැරීම සඳහා බල සැපයුම් ඒකකය යොදා ගනී.මේ සඳහා විවිධ වොට්(Watt) ප්‍රමාණයන්ගෙන් යුතු විවිධ වර්ගයන්ගේ බල සැපයුම් ඒකක වෙලඳපොලෙන් මිලදී ගත හැක.
                        බල සැපයුම ප්‍රධාන වශයෙන් AT සහ ATX ලෙස වර්ග කල හැක.AT වර්ගයේ බල සැපයුම් තාක්ෂනය පැරණි පෙන්ටියම් 3 ( Pentium 3) මව්පුවරුවල භාවිතා කල අතර නවීන මව්පුවරු වල ATX තාක්ෂණය භාවිතා කරනු ලබයි.
                       බල සැපයුම් ඒකකය මගින් මව්පුවරුව සඳහා අග්‍ර 20(20 pin) හෝ 24(24 pin)ක් සහිත සම්බන්ධකයක් සහ තවත් අග්‍ර 4 ක් සහිත වෝල්ට් 12(12V) ක සම්බන්ධකයක් මගින් විදුලිය සැපයීම සිදුකරනු ලබයි.මීට අමතරව දෘඩ තැටි/සීඩී,ඩීවීඩී ධාවක සඳහා අග්‍ර 4 ක් සහිත මොලෙක්ස්(Molex) වර්ගයේ සම්බන්ධක ද, නම්‍ය තැටි ධාවකය(Floppy disk drive) සඳහා අග්‍ර 4 ක් සහිත සම්බන්ධකයක්ද, තවත් නවීන වර්ගයේ වීඩියෝ කාඩ් පත් සඳහා විදුලිය සැපයීමට අවශ්‍ය වන අග්‍ර 6ක් සහිත සම්බන්ධකයක් ද.නවීන සාටා(SATA) තාක්ෂණය යොදා ගනු ලබන දෘඩ තැටි/සීඩී,ඩීවීඩී ධාවක සඳහා යොදා ගනු ලබන සාටා වර්ගයේ සම්බන්ධක ද නවීන තාක්ෂණය සහිත බල සැපයුම් ඒකකයක් මත පිහිටා තිබෙයි.          
                        සාමාන්‍යයන් බල සැපයුම් ඒකකයක් තෝරා ගන්නා විට තමන්ට අවශ්‍ය කරන උපාංග ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විදුලිය සැපයීම සඳහා අවශ්‍ය වන සම්බන්ධක නිසි පරිදි තිබේ දැයි පරීක්ෂාකර බලා මිලදී ගත යුතුය.තවද හැකිනම් සම්බන්ධක තුලින් නිසි පරිදි විදුලිය ලැබෙනවාදැයි පරීක්ෂා කිරීම සඳහා යොදා ගනු ලබන පවර් සප්ලයි ටෙස්ටර්(Power supply tester) උපාංගයක් මගින් පරීක්ෂාකර ගත හැකිනම් වඩාත් හොඳය.
                        සාමාන්‍යයෙන් බල සැපයුම් ඒකකයක් තුල ගමන් කරන වොල්ටීයතාව අනුව යොදා ගනු ලබන වයර් වල පැහැයන් වෙනස් වේ.සම්මත පරිදි  එම වයර් වල පැහැය අනුව ඒතුලින් ලැබෙන වෝල්ට් ප්‍රමාණයන් පහත පරිදි වේ.

තැඹිලි පාට (Orange)                :          +3.3 V
කහ පාට (Yellow)                    :          +12 V
නිල් පාට (Blue)                        :          -12 V
රතු පාට (Red)                          :          +5 V
සුදු පාට (White)                       :          -5 V
කලු පාට (Black)                      :          ග්‍රවුන්ඩ් (GND)
කොල පාට (Green)                  :           පවර් ඔන් (POWER-ON)
අලු පාට (Gray)                        :           පවර් ඕකේ (POWER-OK)
දම් පාට (Purple)                       :           +5 V SB (Stand By Mood)(ස්ටෑන්ඩ් බයි මූඩ්)
                        සාමාන්‍යෙයන් එක් එක් උපාංගය සඳහා යොදා ගනු ලබන සම්බන්ධක ඒ සඳහා නියමිත ප්‍රමිතියක් අනුව නිෂ්පාදනය කරනු ලබයි.මව්පුවරුව සඳහා බල සැපයුම් සම්බන්ධකයෙහි තුඩු සහ මව්පුවරුව මත ඇති සොකටයෙහි හතරැස් සහ D ආකාරයෙහි හැඩයන් සහිතව නියමිත පරිදි සොයා ගැනීමට පහසු පරිදි සකසා ඇත.මෙහි ඇති තුඩු 24 ක් සහිත සම්බන්ධකයෙන්වෙනමම ගැලවිය හැකි තුඩු 4 ක් සහිත සම්බන්ධකයක්ද ඇත.මෙයට අමතරව තවත් පින් 4 ක් සහිත 12V සම්බන්ධකය සම්බන්ධ වන සොකටය මව්පුවරුව මත වෙනමම ස්ථානයක පිහිටා ඇත.
                        දෘඩ තැටි/සීඩී,ඩීවීඩී ධාවක සඳහා විදුලිය සපයන මොලෙක්ස්(Molex) වර්ගයේ සම්බන්ධකය D හැඩයකින් යුතු වන අතර තුඩු 4 කින් යුක්තය.මෙය සම්බන්ධ කිරීමේදී නිවැරදි දිශාව සොයා ගැනීමේ පහසුව සඳහා D හැඩය උපකාර කර ගනී.
                        තවද දෘඩ තැටි/සීඩී,ඩීවීඩී ධාවක සඳහා විදුලිය සපයන සාටා(SATA) වර්ගයේ සම්බන්ධක වල වයර් 5 ක් දැක ගත හැකි අතර තුඩු 15 ක් පිහිටා ඇත.මේවා ඉතා සියුම් අයුරින් නිපදවා ඇති අතර මේවා සම්බන්ධ කිරීමේදී නිවැරදි දිශාව සොයා ගැනීම සඳහා මෙහි එක් පසෙක හරස් අතට පිහිටා ඇති නෙරුම උපයෝගී කර ගනී.
                        නම්‍ය තැටි ධාවකය සඳහා යොදා ගනු ලබන සම්බන්ධකය ප්‍රමාණයෙන් කුඩා එකක් වන අතර තුඩු 4 කින් සමන්විතය.මෙහිද සම්බන්ධ කිරීමේදී නිවැරදි දිශාව සොයා ගැනීම සඳහා කුඩා නෙරුම්(Notch) පිහිටා ඇත.
                        වීඩියෝ කාඩ්පත සඳහා විදුලිය සපයන සම්බන්ධකය තුඩු 6 කින් හෝ 8 කින් සමන්විත වන අතර මෙහිද සම්බන්ධ කිරීමේ පහසුව සඳහා බල සැපයුම් සම්බන්ධකයෙහි තුඩු සහ මව්පුවරුව මත ඇති සොකටයෙහි හතරැස් සහ D ආකාරයෙහි හැඩයන් සහිතව නිපදවා ඇත.
                        බල සැපයුමට විදුලි බලය සැපයීම සඳහා D හැඩය සහිත මේල්(Male) ආකාරයේ සොකට්ටුවක් බල සැපයුම් ඒකකය මත පිහිටා ඇති අතර ඇතැම් ඒවායේ තවත් D හැඩය සහිත ෆී මේල්(Fe male) ආකාරයේ නැවත බලය ලබාගතහැකි සොකට්ටුවක් ද පිහිටා ඇත.බොහෝ  බල සැපයුම් ඒකක මත ස්විචයක්(Switch) පිහිටා ඇත.මෙය බල සැපයුමට ලැබෙන විදුලිය විසන්ධි කිරීම(Power off) සඳහා යොදා ගනීයි.               

Comments

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

රැම් පරිපථය (RAM)