Posts

බල සැපයුම් ඒකකය තුල මතුවන දෝෂ හඳුනාගැනීම සහ පිළියම්

Image
             ප්‍රධාන විදුලි පරිපථයෙන් විදුලිය ලබාගෙන එය අවශ්‍ය පරිදි යොදාගැනීමත් පරිගණකයෙහි පද්ධති ඒකකය තුල තිබෙන සියළුම දෘඩාංග කොටස් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වන විදුලිය නිසි පරිදි පාලනය කිරීම බල සැපයුම් ඒකකය මගින් සිදු කරයි.බල සැපයුම් ඒකකය පිලිබඳව සවිස්තරව “ බල සැපයුම් ඒකකය ” ලිපියෙන් ඉදිරිපත් කරන ලදී.

දෘඩ තැටිය සම්බන්ධව මතුවන දෝෂ හඳුනාගැනීම සහ පිළියම්

Image
             පරිගණක යන්ත්‍රයෙහි මෙහෙයුම් පද්ධතියේ ( Operating system) සිට සියළුම මෘදුකාංග (Software) ස්ථාපනය සහ වෙනත් සියළුම දත්ත සහ තොරතුරු ගබඩා කර ගබාගැනීම සඳහා යොදවා ගන්නා ප්‍රධාන මාධ්‍ය වන්නේ පරිගණකයෙහි දෘඩ තැටියයි (Hard disk) . අප විසින් පරිගණකය තුල සුරක්ෂිතව තැන්පත් කරනු ලබන සියළුම වැදගත් දත්තයන් සහ තොරතුරු සියල්ලම නිසි පරිදි ආරක්ෂා කරගැනීමට දෘඩ තැටියෙහි ආරක්ෂාව පිළිබඳව කල්පනාකාරී විය යුතුය.විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය සහ සියළුම මෘදුකාංග ස්ථාපනය වන්නේ දෘඩ තැටිය තුල නිසා ඒ පිළිබඳව මනාව අවබෝධයෙන් සිටිය යුතුය.නැතිනම් බොහෝ වටිනා මෘදුකාංග මෙන්ම ඔබගේ වටිනා දත්තයන් වෙනත් මාධ්‍යයක් තුල සුරක්ෂිත කර තබාගැනීම වඩාත් යෝග්‍ය කටයුත්තකි.දෘඩ තැටිය පිළිබඳ සවිස්තරව “ දෘඩ තැටිය ” ලිපියෙන් ඉදිරිපත් කරන ලදී.

ප්‍රොසෙසරය සම්බන්ධව මතුවන දෝෂ හඳුනාගැනීම සහ පිළියම්

Image
                 පරිගණක යන්ත්‍රය තුල සිදු කරන සියළුම දත්ත සැකසුම් කටයුතු සිදුකිරීම මධ්‍ය සැකසුම් ඒකකය ( Central processing unit) සතු කර්තව්‍යයයි.පරිගණකයෙහි ප්‍රධානතම ඒකකය මධ්‍ය සැකසුම් ඒකකයයි.බොහෝ අවස්ථාවන් හීදී ප්‍රොසෙසරය (Processor) විවිධ වෙළඳ නාම (Brand name) යටතේ වර්ගී කරණය කරනු ලබයි.තවද වෙළඳනාම වලට අමතරව මේවා තාක්ෂණික දියුණුවත් සමඟ විවිධ වෙනස්කම් වලට ලක් වෙමින් වඩාත් දියුණු ලෙස වර්ධනය වීම නිසා විවිධ ප්‍රොසෙසර පරම්පරා (Genaration) වශයෙන්ද වර්ගීකරණය කරනු ලබයි.සාමාන්‍යයෙන්  මව්පුවරු නිෂ්පාදකයින් මව්පුවරු නිෂ්පාදනය

වීඩියෝ කාඩ්පත සම්බන්ධව මතුවන දෝෂ හඳුනාගැනීම සහ පිළියම්

Image
            පරිගණකයක ප්‍රධාන ප්‍රතිදාන (Output) ඒකකය වන මොනිටරය (Monitor) වෙත වීඩියෝ සංඥා (Video signal) ලබාදීම සහ සැකසීම වීඩියෝ කාඩ්පත (Video card)  විසින් සිදු කරනු ලබයි.බොහෝ මව්පුවරු නිෂ්පාදකයින් විසින් මව්පුවරුව (Mother board) මත ඔන්බෝර්ඩ් (On board) ආකාරයට වීඩියෝ කාඩ්පත පිහිටුවනු ලබන අතර සමහර මව් පුවරු මත ඔන්බෝර්ඩ් ආකාරයට වීඩියෝ කාඩ්පත් න්ෂ්පාදනය නොකරයි.එහෙත් මෙම සෑම මව්පුවරුවකටම වෙනමම වීඩියෝ කාඩ්පත් සවිකිරීම සඳහා ස්ලොට් (Slot) එකක් දක්නට ලැබෙයි.බොහෝ දුරට තාක්ෂණික දියුණුවත් සමඟ මේවා වඩාත් වේගවත් ලෙස දත්ත හුවමාරු කිරීමට හැකියාව සහිතව දියුණුවට පත්වුණ අතර දැනට පවතින මව් පුවරු මත ඒ ජී පී (A G P) වර්ගයේ සහ පී සී අයි එක්ස්ප්‍රස් (P C I Express) වර්ගයේ වීඩියෝ කාඩ්පත් දක්නට ලැබෙයි.වීඩියෝ කාඩ්පත සම්බන්ධව විස්තර සහිතව ” වීඩියෝ කාඩ්පත ” ලිපියෙන් ඉදිරිපත් කරන ලදී.

මව්පුවරුව සම්බන්ධව මතුවන දෝෂ සහ හඳුනාගැනීම සහ පිළියම්

Image
            මව්පුවරුව පරිගණක යන්ත්‍රයක පද්ධති ඒකකය (System unit) තුල ඇති සියළුම උපාංග සම්බන්ධවන ප්‍රධාන පරිපථය වේ.මව්පුවරුව ගැන සවිස්තරව “ මව්පුවරුව ” ලිපියෙන් ඉදිරිපත් කරන ලදී.

රැම් පරිපථය සම්බන්ධව මතුවන දෝෂ හඳුනාගැනීම සහ පිළියම්

Image
              රැම් පරිපථය හෙවත් සසම්භාවී ප්‍රවේශ මතකය ( Random access memory) පරිගණකය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ප්‍රධාන දෘඩාංග කොටසකි. මේ සම්බන්ධව විස්තර පෙර “ රැම් පරිපථය ” ලිපියෙන් ඉදිරිපත් කරන ලද අතර රැම් පරිපථය සම්බන්ධව මතුවන දෝෂ මොනවාදැයි විමසා බලමු.

මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය (Install operating system)

Image
                        පරිගණකය සහ එය භාවිත කරන්නා අතර අන්තර් සම්බන්ධය ගොඩනැගීම සඳහා මෙහෙයුම් පද්ධතිය (Operating system) ස්ථාපනය කළ යුතුය.විවිධ ආයතන මගින් විවිධ කටයුතු සඳහා නොයෙක් ආකාරයේ මෙහෙයුම් පද්ධති නිෂ්පාදනය කර ඇත.එහෙත් බොහෝ විට පුද්ගල පරිගණක (Personal computer) සඳහා යොදා ගන්නා මෙහෙයුම් පද්ධති කිහිපයක් ලෝකයේ ජනප්‍රිය වී   ඇත.මෙයින් සමහර ඒවා නොමිලයේ (Free ware) ලබාදෙන අතර සමහර මෙහෙයුම් පද්ධති අදාල සමාගම් වලින් මිලදී ගත යුතුය.මේවා සීඩී හෝ ඩීඩීඩී ආකාරයෙන් බූටබල් ඩිස්ක (Bootable disk) වශයෙන් ඉදිරිපත් කරයි.මෙය ස්ථාපනය කරන ආකාරය එකින් එකට වෙනස් වන අතර සාමාන්‍යයෙන් ස්ථාපනය (Install) කරන අයුරු විධාන (Command) මගින් පියවරෙන් පියවර පෙන්වනු ලබයි.