මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය (Install operating system)

                        පරිගණකය සහ එය භාවිත කරන්නා අතර අන්තර් සම්බන්ධය ගොඩනැගීම සඳහා මෙහෙයුම් පද්ධතිය(Operating system) ස්ථාපනය කළ යුතුය.විවිධ ආයතන මගින් විවිධ කටයුතු සඳහා නොයෙක් ආකාරයේ මෙහෙයුම් පද්ධති නිෂ්පාදනය කර ඇත.එහෙත් බොහෝ විට පුද්ගල පරිගණක(Personal computer) සඳහා යොදා ගන්නා මෙහෙයුම් පද්ධති කිහිපයක් ලෝකයේ ජනප්‍රිය වී ඇත.මෙයින් සමහර ඒවා නොමිලයේ(Free ware) ලබාදෙන අතර සමහර මෙහෙයුම් පද්ධති අදාල සමාගම් වලින් මිලදී ගත යුතුය.මේවා සීඩී හෝ ඩීඩීඩී ආකාරයෙන් බූටබල් ඩිස්ක(Bootable disk) වශයෙන් ඉදිරිපත් කරයි.මෙය ස්ථාපනය කරන ආකාරය එකින් එකට වෙනස් වන අතර සාමාන්‍යයෙන් ස්ථාපනය(Install) කරන අයුරු විධාන(Command) මගින් පියවරෙන් පියවර පෙන්වනු ලබයි.
                        පරිගණකයට මෙහෙයුම් පද්ධතිය අඩංගු බූටබල් ඩිස්කය (Bootable disk) ඇතුල් කර පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මක කළ විට සමාන්‍යයෙන් ඒ හරහා පරිගණකය ක්‍රියාත්මක වී ස්ථාපනය ආරම්භවීම සිදුවේ.එසේ නොවන අවස්ථාවන් වලදී පරිගණකයේ මව් පුවරුව මත පිහිටුවා ඇති ස්ථිර අංගයක්(Firmware) වන සී මොස් චිපය(C MOS chip) තුල පිහිටුවා ඇති සී මොස් වැඩ සටහනට(C MOS Program) පිවිස එහි සැකසුම් තුල ෆස්ට් බූට් ඩිවයිස්(First boot device) එක සීඩී හෝ ඩීවීඩී රොම් ලෙස සකස් කර සේව්(Save) කල යුතුය.සී මොස් වැඩ සටහන වෙත පිවිසීම සඳහා පරිගණකය ක්‍රියාත්මක වන අවස්ථාවේ යතුරු පුවරුව(Key board) මත යතුරක් ඔබා ඒ තුලට පිවිසිය හැක.මේ සඳහා භාවිතා වන යතුර පරිගණකය ක්‍රියාත්මක වන අවස්ථාවේ තිරය මත දිස්වන අතර බොහෝ විට ඩිලීට්(Delete), එස්කේප්(Escape),එෆ්1(F1) හෝ එෆ්2(F2) යතුර වේ.මෙලෙස සැකසුම් සකස් කර පරිගණකයට මෙහෙයුම් පද්ධතිය අඩංගු බූටබල් ඩිස්කය ඇතුල් කර පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මක කළ විට ඒ හරහා පරිගණකය ක්‍රියාත්මක වී ස්ථාපනය ආරම්භවීම සිදුවේ.
                       ඉන් පසු පියවරෙන් පියවර පරිගණක යන්ත්‍රය තුලට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ යුතුය.මේ සඳහා අවශ්‍ය සැකසුම් සිදුකරන ආකාරය පියවරෙන් පියවර තිරය(Screen) මත පෙන්වනු ලබන අතර එහි සැකසුම් තමාට අවශ්‍ය ආකාරයට සකස් කර ගත හැක.
                        මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසුව පරිගණක යන්ත්‍රයට සම්බන්ධ දෘඩාංග ක්‍රියාත්මක වීම සඳහා ඒවාට අදාල ධාවක මෘදුකාංග(Driver software) ස්ථාපනය කළ යුතුය.ඒවා මව්පුවරුව හෝ අදාල දෘඩාංගය නිෂ්පාදකයා(Manufacture) විසින් සීඩී හෝ ඩීඩීඩී ආකාරයෙන් ලබා දෙයි.බොහෝ විට ඔන් බෝර්ඩ් වීජීඒ(On board VGA), ඔන් බෝර්ඩ් සවුන්ඩ්(On board sound), නෙට්වර්ක්(Network) සහ චිප් සෙට් ඩ්‍රයිවර්ස්(Chipset drivers) මව්පුවරුව සමඟ ලැබෙන අතර වෙනත් එක්ස්පැන්ෂන් කාඩ්) වලට අදාල ධාවක මෘදුකාංග(Driver software) ඒ ඒ නිෂ්පාදකයා(Manufacturer) විසින් ලබා දෙයි.
                        දැන් මෙහෙයුම් පද්ධතිය සහ ධාවක මෘදුකාංග ස්ථාපනයෙන් පසු පරිගණකය භාව්තයට සූදානම්.දැන් ඔබට අවශ්‍ය වන ඕනෑම මෘදුකාංගයක්(Software) පරිගණකය තුල පිහිටුවා ගතහැක.එසේම අන්තර් ජාලය(Internet) භාව්තය, පරිගණක ක්‍රීඩා(Computer game), ලිපි ලේඛණ කටයුතු(Word processing), විවිධ නිර්මාණ කටයුතු, අධ්‍යාපන කටයුතු(Education) හෝ අවශ්‍ය ඕනෑම කටයුත්තක් සඳහා පරිගණක යන්ත්‍රය බාවිතා කළ හැක.

Comments

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)