මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය (Install operating system)
පරිගණකය සහ එය භාවිත කරන්නා අතර අන්තර් සම්බන්ධය ගොඩනැගීම සඳහා මෙහෙයුම් පද්ධතිය (Operating system) ස්ථාපනය කළ යුතුය.විවිධ ආයතන මගින් විවිධ කටයුතු සඳහා නොයෙක් ආකාරයේ මෙහෙයුම් පද්ධති නිෂ්පාදනය කර ඇත.එහෙත් බොහෝ විට පුද්ගල පරිගණක (Personal computer) සඳහා යොදා ගන්නා මෙහෙයුම් පද්ධති කිහිපයක් ලෝකයේ ජනප්‍රිය වී ඇත.මෙයින් සමහර ඒවා නොමිලයේ (Free ware) ලබාදෙන අතර සමහර මෙහෙයුම් පද්ධති අදාල සමාගම් වලින් මිලදී ගත යුතුය.මේවා සීඩී හෝ ඩීඩීඩී ආකාරයෙන් බූටබල් ඩිස්ක (Bootable disk) වශයෙන් ඉදිරිපත් කරයි.මෙය ස්ථාපනය කරන ආකාරය එකින් එකට වෙනස් වන අතර සාමාන්‍යයෙන් ස්ථාපනය (Install) කරන අයුරු විධාන (Command) මගින් පියවරෙන් පියවර පෙන්වනු ලබයි.