මව්පුවරුව (MOTHER BOARD)

                      පරිගණකයෙහි සියලු කොටස්  මව්පුවරුව සමඟ සම්බන්ධ වේ.මේ සඳහා මව්පුවරුව මත සොකට්(Socket) පිහිටා ඇත.සෑම මව්පුවරුවක් අනුවම ඒ සඳහා යොදා ගන්නා බල සැපයුම(Power supply), ප්‍රොසෙසරය(Processor), රැම් කඩ් පත(RAM), සහ දෘඩතැටි(Hard disk), සීඩී/ඩීවිඩී ධාවක (CD/DVD Rom)යන උපාංග වල වෙනස්කම් දැකිය හැක.මේ නිසා මව්පුවරුව තෝරා ගැනීමේදී මේ පිලිබඳ මනා අවබෝධයකින් සිටිය යුතුය.

                       දැනට වෙලඳපොලෙහි ඇති බොහෝමයක් මව්පුවරු වල වීඩියෝ කාඩ් පත(VGA Card), සවුන්ඩ් කාඩ් පත(Sound card) සහ නෙට්වර්ක් කාඩ් පත (Network card) ඔන් බෝර්ඩ්(On board)(මව් පුවරුව මතම) පිහිටුවා ඇත.
                        වෙළඳපොළෙහි විවිධ සම්මත ප්‍රමාණයන්ගෙන් යුත් විවිධ වෙළඳ නාම යටතේ ඇති විවිධ පහසුකම් වලින් යුත් මව්පුවරු ඇත.එහෙත් පළමුව අපේ අවශ්‍යතාවය පිළිබඳව සලකා බලා ඊට ගැළපෙන ලෙස මව්පුවරුව තෝරා ගතයුතුය.විශේෂයෙන්ම මිළදී ගන්නා වෙනත් දෘඩාංග සමඟ නිවැරදි ලෙස ක්‍රියාත්මක වන සහ ඒවාත් සමඟ නිසි පරිදි සම්බන්ධ කිරීමට පහසුකම් ඇතිදැයි පරීක්ෂා කළ යුතුය.විශේෂයෙන් මව්පුවරුව මිළදී ගන්නා විට ඉතාමත් සැළකිලිමත් ලෙස තමාට අවශ්‍ය වන පහසුකම් සපුරා ගත හැකි නවීන පහසුකම් සහිත  හොඳ වෙළඳ නාමයක් යටතේ වැඩි වගකීම් කාළයක් (Warranty)ලබාදෙන එකක් සොයා මිළදී ගන්න.විශේෂයෙන් අවශ්‍ය ප්‍රමාණයට එක්ස්පැන්ෂන් ස්ලොට්(Expansion slot), රැම් ස්ලොට්(Ram slot), යූ එස් බී පෝර්ට්ස්(USB Ports), සාටා පෝර්ට්ස්(SATA Ports) සහ වෙනත් උපාංග සම්බන්ධක ඇත්දැයි සැලකිලිමත් වන්න.  
                    විශේෂයෙන්ම ප්‍රොසෙසරය සවිවන සොකට්ටුව(Processor socket) සහ ප්‍රොසෙසරයෙහි වර්ගය(Processor Brand) ගැන අවධානය යොමුකල යුතුය.මව් පුවරුවෙහි වර්ගය සහ කාර්යක්ෂමතාවය මත මිල වෙනස් වේ.

Comments

  1. වැදගත් තොරතුරු ටිකක්....දිගටම කරගෙන යන්න සහෝ :)

    ReplyDelete
  2. ස්තුතියි යාළුවා ....

    ReplyDelete
  3. mekata thava thora thuru thikaka dammoth hodai..

    ReplyDelete
  4. මමත් හිතනවා ඉක්මනට තව ලිපි එකතු කරන්න.ඒත් කාලය තමා ගැටළුව.ස්තුතියි...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)