පරිගණකයක් හදමු (BULD COMPUTER)

ඉතින් කොම්පියුටරයක් හදන්න ඉස්සරවෙලා අපි දැනගන්න ඕනෙ අ‍පේ අවශ්‍යතාවය.අද ලෝකයේ බොහොමයක් දෙනා බොහොමයක් වැඩකරගන්න කොම්පියුටරය යොදාගන්නවා.ඒ නිසා අතේ තබාගෙන බාවිතකලහැකි “Palm top“ සිට ගොඩක් බලසම්පන්න සුපිරි පරිගණක (Super computer) පරිගණක පවා බිහිවී තිබෙනවා.
           අපි මේ ඉගෙනගන්නේ සාමාන්‍යයෙන් භාවිතා කරන ඩෙස්ක්ටොප් පරිගණකයක් (Desktop computer) එකලස් කිරීම සිදුකරන ආකාරය පිලිබඳවයි.
 මුලින්ම පරිගණකයෙහි මූලික කොටස් සහ ඒවායින් සිදුවන කාර්යයන් හඳුනාගනිමු.

desktop computer parts
            පරිගණකයේ මූලික ක්‍රියාවලිය සිදුවන්නේ දත්ත ඇතුලු කිරීම (Data input), දත්ත සැකසීම (Data processing) සහ ප්‍රතිඵලය  ප්‍රතිදානය කිරීම (Output) යන ක්‍රියාවලිය පදනම් කරගැනීමෙනි.මේ සඳහා භාවිත වන උපාංග අනුව උපාංග වර්ග කරනු ලබයි.
ආදාන උපාංග (Input device) :
·         යතුරු පුවරුව (Key board)
·         මූසිකය (Mouse)
·         කැමරාව (Camera)
·         මයික්‍එක (Microphone)
·         ඉවත්කල හැකි උපාංග (Removable device)
·         ස්කෑනරය (Scanner)

                        ආදාන උපාංග මගින් ඇතුලු කරන දත්ත භාවිතා කරන්නා විසින් දෙනු ලබන තොරතුරු සහ විධාන වලට අනුව පද්දති ඒකකය(System unit) මගින් සැකසීම සිදු කරනු ලබයි.ඉන් පසුව සකසන ලද අවසන් ප්‍රතිඵලය භාවිතා කරන්නා වෙත ලබා දීම සඳහා ප්‍රතිදාන උපාංග උපයෝගී කරගනී.

ප්‍රතිදාන උපාංග (Output device) :
·         මොනිටරය (Monitor)
·         ස්පීකර් (Speaker)
·         ප්‍රින්ටරය (Printer)

Comments

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)