අයි ඩී ඊ කේබල් සහ සාටා කේබල් (IDE & SATA Cable)

                        පරිගණකයට දෘඩ තැටි සහ සීඩී/ඩීවීඩී තැටි ධාවක සම්බන්ධ කිරීමේදී ඒවා මව්පුවරුව සමඟ දත්ත හුවමාරු කරන ක්‍රමය අනුව පැරලල් ඒටීඒ(Parallel ATA) සහ සීරියල් ඒටීඒ(Serial ATA) ලෙස තාක්ෂණික(Technical) වශයෙන් ක්‍රම දෙකකට වර්ග වන අතර සීරියල් ඒ ටී ඒ තාක්ෂණය වඩාත් වේගවත් ලෙස දත්ත හුවමාරු කරන නවීන තාක්ෂණය වේ.එහෙත් සමහර නවීන මව්පුවරු මතද පැරලල් ඒ ටී ඒ තාක්ෂණය යොදා ගනු ලබන අයි ඩී ඊ පෝර්ට්ස් දක්නට ලැබෙයි.

                        අයි ඩී ඊ කේබලය රිබන් කේබලයක්(Ribbon cable) වන අතර සාමාන්‍ය අයි ඩී ඊ කේබලයක මාස්ටර්(Master) සහ ස්ලේව්(Slave) වශයෙන් සම්බන්ධක 2 ක් ද මව්පුවරුවට සම්බන්ධ කිරීමට සම්බන්ධකයක්ද පිහිටා ඇත.මේ සම්බන්ධක මැදට වන්නට කුඩා කැපුම් කොටසක්(Notch) පිහිටා ඇති අතර එක් පසෙක රතු පැහැති රේඛාවක් කේබලය දිගට සලකුණු කර ඇත.
                      අයි ඩී ඊ කේබල් මගින් දෘඩ තැටි සහ සීඩී/ඩීවීඩී තැටි ධාවක සම්බන්ධ කරනු ලබන විට ඒවා පරිගණකයට හඳුනා ගැනීම සඳහා මාස්ටර්(Master) සහ ස්ලේව්(Slave) ලෙස ජම්පර් සැකසුම්(Jumper settings) සකස් කර සම්බන්ධ කල යුතුය.මේ සඳහා අවශ්‍ය වන ජම්පර් සැකසුම් සකස් කරන අයුරු එම දෘඩ තැටි සහ සීඩී/ඩීවීඩී තැටි ධාවක මත නිෂ්පාදකයා(Manufacturer) විසින් සටහන් කරඇත.ඒවා වඩාත් පැහැදිලි ලෙස සටහන් කර ඇති අතර නිවැරදිව සම්බන්ධ කල යුතුය.නිවැරදි ලෙස ජම්පර් සැකසුම් නැතිනම් එම දෘඩ තැටි හෝ සීඩී/ඩීවීඩී තැටි ධාවකයන් පරිගණකය විසින් හඳුනා නොගනී.එම නිසා ඒ පිළිබඳව වඩා සැළකිලිමත් විය යුතුය.                   
                        අයි ඩී ඊ කේබලය මව්පුවරුව මතට සම්බන්ධ කරන විට නිවැරදිව සම්බන්ධ කළ යුතුය.ඒ සඳහා අයි ඩී ඊ කේබලය මත එක් පසෙක රතු පැහැයෙන් සටහන් කර ඇති රේඛාව සහ එය සවිකරන කොටසෙහි මැද පිහිටා ඇති කැපුම් කොටස(Notch) උපකාර කරගත යුතුය.අයිඩීඊ කේබලයෙහි දිග වැඩි ප්‍රමාණයකින් යුක්ත කොටස සාමාන්‍යයෙන් මව්පුවරුව දෙසට වන්නට සම්බන්ධ වේ.මැද පිහිටා ඇති සම්බන්ධකය ස්ලේව්(Slave) ලෙස සකසාගත් ධාවකයටත් කෙළවරින් පිහිටා ඇති සම්බන්ධකය මාස්ටර්(Master) ලෙස සකසාගත් ධාවකයටත් සම්බන්ධ කලයුතුය.එක් දෘඩ තැටියක් හෝ සීඩී/ඩීවීඩී තැටි ධාවකයක් පමණක් සම්බන්ධ කරන අවස්ථාවකදී එය මාස්ටර්(Master) ලෙස ජම්පර් සැකසුම්(Jumper settings) සකස් කර සම්බන්ධ කළ යුතුය.අයි ඩී ඊ කේබලය ධාවකයන්ට සම්බන්ධ කරන විටද එම සම්බන්ධක කොටස මැද පිහිටා ඇති කැපුම් කොටස සහ රතු පැහැති රේඛාව මගින් නිවැරදි දිශාව සොයා සම්බන්ධ කළ යුතුය.
                        සාටා තාක්ෂණය යොදා ගන්නා  දෘඩ තැටි සහ සීඩී/ඩීවීඩී තැටි ධාවක සම්බන්ධ කිරීමේදී සාටා කේබලය(SATA CABLE) උපයෝගී කරගනී.සාටා කේබලය අයි ඩී ඊ කේබලයට වඩා ඉතා සිහින් වන අතර මේවායේ දත්ත සම්ප්‍රේෂණ වේගය(Data transmission speed)  ඉතා ඉහල මට්ටමක පවතී.නවීන තාක්ෂණය අනුව නිෂ්පාදනය කරනු ලබන මේවා එක් කේබලයක් එක් ධාවකයකට පමණක් සම්බන්ධ කරනු ලබයි.සාටා තාක්ෂණය සහිත ධාවක පරිගණකයට හඳුනා ගැනීම සඳහා විශේෂ සැකසුම් සිදු කිරීමට අවශ්‍ය නොවන අතර අවශ්‍ය තරම් ධාවක සවි කීරීම සිදුකරගත හැක.
                        සාටා තාක්ෂණය සහිත දෘඩ තැටි සහ සීඩී/ඩීවීඩී තැටි ධාවක සම්බන්ධ කිරීමේදී නිවැරදිව සම්බන්ධකිරීමේ පහසුව සඳහා සම්බන්ධක කොටසෙහි එක් පසෙක කුඩා හැඩයක් පිහිටුවා ඇත.මෙය ඉතා සියුම් බැවින් පරීක්ෂාකාරීව සම්බන්ධ කළයුතුය.සමහර සාටා කේබල් සවිකළ පසුව අගුලු(Lock) වැටෙන අතර මෙවැනි කේබලයක කුඩා තහඩු කොටසක් සහිතව ඇත.එම කේබලයක් නැවත ගලවන විට එම තහඩු කොටස මඳක් ඇතුලට තෙරපා ගලවාගත හැක

Comments

  1. Godakma dan use karanna Sata cables thama. Dan Sata 3 th thiyenava. Eka 6bgps. Sata 2 eketh 3gbps saha 6gbps kiyala version dekak thiyenava. IDE dan use karanne naha. Eka hinda kattiyata kiyanna use karanavanam sata use karanna kiyala. Mama ehema kivuve oya aluth pc build ekak karana hinda

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත යාළුවා.ස්තූතියි...

      Delete
  2. ඉතාමත් ප්‍රයෝජනවත් ලිපි පෙළක්.

    ReplyDelete
  3. සමහර පරණ IDE හාඩ් තියෙන අය තවම ඒව පාවිච්චි කරනව.
    මට දැනගන්න ඕන ..ඒ ජාතියෙ හාඩ් තියෙන කොම් එකකට අලුත් වර්ගයෙ DVD ර්යිටරයක් සම්බන්ධ කරන්නෙ කොහොමද කියල ..?

    ReplyDelete
  4. IDE to SATA converter එකක් පාවිච්චි කරන්න.සුළු මුදලකට වෙලඳපලෙන් මිලදීගත හැකිය...

    ReplyDelete
  5. LG තාමත් IDE නේද DVD රයිටර්

    ReplyDelete
  6. නෑ IDE කියන්නේ දැනට යල් පැන ගිය තාක්ෂණයක්.LG WRITERS අළුතින් එන ඒවායේ යොදාගනු ලබන්නේ SATA3 තාක්ෂණයයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)