සීඩී/ඩීවීඩී තැටි ධාවකය (CD/DVD Disk drives)

                        විවිධ වෙළඳ නාම සහ විවිධ පහසුකම් සහිත සීඩී/ඩීවීඩී තැටි ධාවක වෙළඳපොලෙන් මිලට ගත හැකි අතර බොහෝ විට සීඩී/ඩීවීඩී තැටි ලිවීමට හාකියාව ඇති රයිටර් (Writer) එකක් මිලදී ගැනීම බොහෝ ප්‍රයෝජනවත් විය හැක.මේවාද දෘඩ තැටි මෙන්ම මව් පුවරුව සදඟ දත්ත හුවමාරු කරන ක්‍රමය අනුව පැරලල් ඒ ටී ඒ (Parallel ATA) සහ සීරියල් ඒ ටී ඒ (Serial ATA) ලෙස වර්ග කල හැක.මෙවන් සීඩී/ඩීවීඩී තැටි ධාවකයක් මිලදී ගන්නා විට විශේෂයෙන් අයි ඩී ඊ (IDE) සහ සාටා (SATA) පිළිබඳ සැලකිලිමත් විය යුතුය.තවද දත්ත කියවන වේගය සහ දත්ත ලියන වේගය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
     
                         දැනට වෙලඳපලෙහි වඩා වැඩි ධාරිතාවයන්ගෙන් යුතු නවීන තාක්ෂනයෙන් යුතු බ්ලූ රේ තැටි (Blue ray disk) සහ බ්ලු රේ තැටි ධාවක(Blue ray disk driver) මිලදී ගත හැක.මෙය සාමාන්‍ය ඩීවීඩී තැටියට බෙහෙව්න්ම සමාන වුවද එක් තැටියක සාමාන්‍ය ධාරිතාවය ගිගා බයිට් 25 (25GB)කි.මෙම බ්ලූ රේ රයිටර් (Blue ray writer) එකක් සාමාන්‍ය ඩීවීඩී රයිටර් එකකට බොහෝ දුරට සමානකම් දක්වයි.           

Comments

  1. ගොඩක් හොඳ වැඩක්.මමත් මේ වගේ දෙයක් හොය හොයා හිටියේ.දිගටම කරගෙන යන්න.මටත් මේක අද තමයි හම්බවුනේ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)