ආවරණය (Casing)

                       පද්ධති ඒකකයෙහි සියළුම උපාංග රඳවා ඇති කොටස හෙවත් පරිගණකයෙහි ආවරණය අපට අවශ්‍ය පරිදි නිවැරදිව තෝරා ගත යුතුය.වෙළඳපොලෙහි විවිධ වෙළඳ නාම සහ විවිධ පහසුකම් සහිතව විවිධ මිල ගනන් වලට පරිගණක ආවරණයක් මිලදී ගත හැක.
                        එහෙත් පරිගණකය සඳහා ආවරණයක් මිලදී ගන්නා විට සොයා බැලිය යුතු කරුණු කිහිපයක් ඇත.විශේෂයෙන්ම අප පළමුවෙන්ම මව්පුවරුවෙහි සම්මත ප්‍රමාණයට ගැලපෙන පරිදි සහ අපගේ පරිගණකයට ස්ථාපනය කරනු ලබන සියළුම කොටස් නිසි පරිදි සම්බන්ධ කිරීම සඳහා ඉඩ පහසුකම් සහිත ආවරණයක් තෝරා ගතයුතුය.ඒ ටී එක්ස්(ATX), මිනි ඒ ටී එක්ස්(Mini ATX), මයික්‍රෝ ඒ ටී එක්ස්(Micro ATX) වැනි විවිධ සම්මත ප්‍රමාණයන් ගෙන් යුත් මව්පුවරු ඇති නිසා මව්පුවරුව සම්බන්ධ කිරීමට ගැළපෙන ප්‍රමාණවත්ව ඉඩ පහසුකම් සහිත ආවරණයක් තෝරා ගත යුතුය.මව්පුවරුවෙහි ඇති ඉස්කුරුප්පු ඇණ යොදා සවි කිරීමට යොදා ගන්නා සිදුරු වලට සමාන්තරව ආවරණය මත ඇති සම්බන්ධක(Mount) නිවැරදිව ඇති දැයි සොයා බැලිය යුතුය.තවද ආවරණය පිටුපස කොටසෙහි ඇති පසු පැනලය(Back panel) මව්පුවරුවට ගැලපෙන පරිදි නිවැරදිව සම්බන්ධ කළ හැකිද යන්න සොයා බැලිය යුතුය.
                        මීට අමතරව අවශ්‍ය ප්‍රමාණයට දෘඩ තැටි, සීඩී/ඩීවීඩී ධාවක, නම්‍ය තැටි ධාවක සහ වෙනත් කොටස් සවි කිරීම සඳහා ඉඩ පහසුකම් සහ නිවැරදි ලෙස ඇණ සිදුරු ඇත්දැයි සොයා බැලිය යුතුය.
                        බොහෝ ආවරණ මත නිෂ්පාදකයා විසින්ම බල සැපයුම් ඒකකය සම්බන්ධ කර ලබාදෙනු ලබන අතර එවන් අවස්ථාවකදී බල සැපයුම මනාව පරීක්ෂා කර එය තමාගේ අවශ්‍යතාවයට ගැළපෙන බව තහවුරු කර ගත යුතුය.නැති නම් වෙනත් බල සැපයුමක් සම්බන්ධ කිරීම සඳහා අවග්‍ය පහසුකම් පරීක්ෂා කර බලා මිළදී ගත යුතුය.
                        ආවරණය ඉදිරිපස පිහිටා ඇති පවර් ස්විචය(Power switch), රී සෙට් ස්විචය(Reset switch), සහ පවර් ඔන්(Power on), දෘඩ තැටි දර්ශක(Hard disk display) බල්බ, යූ එස් බී පෝර්ට්ස්(USB Ports), ෆ්රන්ට් පැනල් ඹ්ඩියෝ පෝර්ට්ස්(Front panel audio ports) නිවැරදිව ක්‍රියාත්මක වනවාදැයි සොයා බැලිය යුතුය.තවද මේවායින් මව්පුවරුවට සම්බන්ධ වන සම්බන්ධක නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කළ යුතුය.
                        වඩාත් හොඳ ආවරණයක පරිගණකයෙහි සිසිලන පද්ධතියට(Cooling system) ඉතා හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි සිදුරු සහ සිසිලන පංකා(Cooling fan) සවි කිරීමට අවශ්‍ය වන පහසුකම් මනාව පිහිටුවා තිබේ.මෙවැනි ඉතා හොඳින් වාතාශ්‍රය ලැබෙන හොඳ තත්වයේ ආවරණයක් තෝරා ගැනීම නිසා පරිගණකය ඉතාමත් කාර්යක්ෂමව වැඩිකාලයක් පරිහරණය කිරීමට හැකියාව ලැබෙයි.

Comments

  1. Case ekak gannakota eke lassana anthimata balanna. Puluvantharam loku ekak ganna balanna (size eken). Thava kak thma oya udma thiyena Corsair 600T vage case ganna. Evage dust filters ha thava godak cooing options thiyenava.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)