එක්ස්පැන්ෂන් ස්ලොට් (Expansion slot)

                        එක්ස්පැන්ෂන් ස්ලොට්ස් යනු මව්පුවරුව මත  පිහිටා ඇති නොයෙක් කාර්යයන් සඳහා යොදාගන්නා ඉන්පුට් අවුට්පුට් කාඩ් (Input output card) සම්බන්ධ කරනු ලබන ස්ලොට්ය.මේවා  කාලයත් සමඟ වඩාත් කාර්යක්ෂම ලෙස නවීකරනය වෙමින් මේ දක්වා පැමින ඇත.නවීන මව් පුවරු වල මේ සඳහා යොදාගනු ලබන්නේ පී සී අයි එක්ස්ප්‍රස්(PCI Express) හෝ පී සී අයි(PCI) ස්ලොට්ස්ය. පී සී අයි එක්ස්ප්‍රස් ස්ලොට්ස් වඩා වේගවත්ය.
                       බොහෝ විට දැනට භාවිතයෙහි පවතින  අයි ඕ කාඩ් පී සී අයි ආකාරයෙන් නිෂ්පාදනය කරනලද ඒවාය.එක් මව් පුවරුවක් මත මෙවැනි පී සී අයි එක්ස්ප්‍රස් හෝ පී සී අයි ස්ලොට්ස් කිහිපයක් පිහිටා තිබේ.මව් පුවරුවක් තෝරා ගැනීමේදී අප සම්බන්ධ කිරීමට බලාපොරොත්තුවන ඉන්පුට් අවුට්පුට් කාඩ් ප්‍රමානයට සරිලන ලෙස ස්ලොට්ස් පිහිටා තිබේද යන්න පරීක්ෂාකර බැලිය යුතුය.
                        පරිගණකයක සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබන අයි ඹ් කාර්ඩ් වර්ග රාශියක් ඇත.වී ජී ඒ කාඩ් (VGA card), සවුන්ඩ් කාඩ් (Sound card) ,නෙට්වර්ක් කාඩ් (Network card), ටීවී ටියුනර් කාඩ් (TV tuner card), මොඩම් කාර්ඩ් (Modem card) සහ තවත් බොහොමයක් කාඩ් වර්ග මෙම  එක්ස්පැන්ෂන් ස්ලොට්ස්  හරහා පරිගණකයට සම්බන්ධ කරනු ලබයි.

                        පී සී අයි සහ පී සී අයි එක්ස්ප්‍රස් ස්ලොට් ඒවායේ පිහිටා ඇති කැපුම් කොටස්(Notch) සහ භාහිර පෙනුම(Appearance) මගින් වෙන්කර හඳුනාගත හැක.පී සී අයි එක්ස්ප්‍රස් ස්ලොට්, පී සී අයි ස්ලොට් වලට වඩා සංකීර්ණ වඩාත් ලංව පිහිටා ඇති සන්නායක තුඩු පිහිටීමකින් යුක්ත වේ.මේවායේ දත්ත ගමන් කල හැකි උපරිම වේග පරාසය මත ස්ලොට් වල දිග ප්‍රමානයන් වෙනස් වේ.
                        අයි ඹ් කාඩ් පරිගණකයට සම්බන්ධ කිරීම ඉතාමත් පහසු කටයුත්තකි.පලමුවෙන්  අයි ඹ් කාඩ් එකෙහි වර්ගයට අනුව සම්බන්ධ කලයුතු ස්ලොට් එක නිවැරදිව තෝරා ගන්න.පරිගණක කේසින් එකෙහි පිටුපස ඇති ගලවා ඉවත්කල හැක් තහඩු කොටස ඉවත් කර සම්බන්ධ කිරීමට අවශ්‍ය අයි ඹ් කාඩ් එක එක්ස්පෙන්ෂන් ස්ලොට්ස් එක මත තබා සීරුවෙන් පහලට තද කරන්න.මෙය ඉතා පරිස්සමින් සහ නිවැරදි ලෙස සිදුකිරීම කලයුතුය.සම්බන්ධ කිරීමට ප්‍රථම සන්නායක තුඩු සහ ස්ලොට් එක පිරිසිදුව ඇත්දැයි පරීක්ෂා කරන්න.නිවැරදිව සම්බන්ධ කලපසු කුඩා ඉස්කුරුපුපු ඇනයක් යොදා කේසිනයට සවිකරන්න.නිවැරදි ලෙස සම්බන්ධ නෙවීම නිසා ගැටලු මතු විය හැක.

                        බොහෝ විට පරිගණකයට සම්බන්ධකරන ලද අයි ඹ් කාඩ්ස් පරිගණකය විසින් හඳුනාගැනීම සඳහා නිෂ්පාදකයා විසින් ලබාදෙනු ලබන ධාවක මෘදුකාංග (Driver software) ස්ථාපනය (Install)කල යුතුය.මේවා වෙලඳපොලෙන් මිලදී ගන්නාවිට සීඩී  හෝ ඩීවීඩී තැටියක් ලෙස ලබා දෙනු ලබන අතර අවශ්‍ය වුවහොත් අන්තර්ජාලය(Internet) මගින් බාගත (Download) කල හැක. ධාවක මෘදුකාංගය(Driver software) නිවැරදිව ස්ථාපනය නොවීම නිසා ගැටලු මතු විය හැකි බැවින් මෙය පරීක්ෂාකාරීව නිවැරදි ලෙස මෙහෙයුම් පද්ධතිය(Operating system) සහ සංස්කරණය (Version)තෝරා ස්ථාපනය(Install) කිරීම සිදු කරන්න.

Comments

  1. ගොඩාක් වැදගත් දේවල් ලියවිලා තියෙන හොද ලිපියක්...මම අංක 01 පාඩමේ සිට අංක 07 පාඩම දක්වාම සම්පුර්ණයෙන් කියෙව්වා. ස්තුතියි ඔබේ උත්සාහයට...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)