ප්‍රොසෙසරය (PROCESSOR)

             දැනට ලෝකයේ භාවිතාකරන ප්‍රධාන ප්‍රොසෙසර වර්ග 2ක් ඇත.එනම් ඉන්ටෙල් (Intel) සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසර සහ ඒ එම් ඩී (AMD) සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසර වේ.වඩාත් ජනප්‍රිය ප්‍රොසෙසර වන්නේ  ඉන්ටෙල් සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසරයි.ඒ එම් ඩී සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසර ඉක්මනින් රත්වීමට ලක්වන නිසා එම ප්‍රොසෙසර කාර්යක්ෂමතාවය අඩු යැයි මතයක් පවතී
            කෙසේ වෙතත් වඩාත් ජනප්‍රිය ප්‍රොසෙසරය වන්නේ ඉන්ටෙල් ප්‍රොසෙසරයයි.
ප්‍රොසෙසරයක් මිලදී ගන්නාවිට විමසා බැලිය යුතු කාරනා කිහිපයක් ඇත.
  1. යොදා ගන්නා මව්පුවරුවෙහි සොකට්ටුවට ගැලපෙනවාද යනවග.
  2. යොදා ගන්නා මව්පුවරුවට කෑෂ් මෙමරි (Cache memory), ඝටිකා වේගය (Clock speed) සහ ප්‍රොසෙසරයෙහි වේගය(Processor speed) ගැලපෙනවාද යනවග.
  3. ප්‍රොසෙසරයෙහි වේගය සහ කෑෂ් මෙමරි (Cache memory)ප්‍රමානය.
  4. ප්‍රොසෙසරයෙහි ඝටිකා වේගය(Clock speed).
            ඉහත සඳහන්කල විස්තර  ප්‍රොසෙසරයෙහි මතුපිට තහඩුව මත සඳහන් කර ඇති අතර ඒ සමග ලැබෙන අත්පොතෙහිද(Manual)  විස්තර කර ඇත.
            දැනට භාවිතා කරන ජනප්‍රිය ඉන්ටෙල්  ප්‍රොසෙසර වර්ග කිහිපයක් ඇත. ඒවා කාලයෙන් කාලයට තාක්ෂනයෙන් නවීකරනය වෙමින් ඉදිරියට පැමින ඇත.දැනට වඩාත් කාර්යක්ෂම ප්‍රොසෙසර කිහිපයක බල සහිත මල්ටි කෝර්(Multi core) ප්‍රොසෙසර වෙළඳපොල තුල ජනප්‍රිය වෙමින් පවතී.
            දැනට වෙළඳපො‍ලෙහි පවතින ප්‍රොසෙසර අතර ඉන්ටෙල් ඩුවල් කෝර් (Dual core), ඉන්ටෙල් කෝර් ටු ඩුවෝ (Core2duo), ඉන්ටෙල් ක්වඩ් කෝර් (Quad core), ඉන්ටෙල් කෝර් ටු ක්වඩ්(Core2quad), ඉන්ටෙල් කෝර් අයි ත්‍රී (Core i3), ඉන්ටෙල් කෝර් අයි ෆයිව් (Core i5), ඉන්ටෙල් කෝර් අයි සෙවන් (Core i7) යන ප්‍රොසෙසර ජනප්‍රියත්වයක් උසුලයි.මේවා කාර්යක්ෂමතාවය අනුව මිල ප්‍රමානයන් වෙනස් වේ.
            ඉන්ටෙල් සමාගම විසින් සෙලරොන් (Celeron) යන නමින් කාර්යක්ෂමතාවයෙන් අඩු ප්‍රොසෙසරයක්ද නිපදවයි.මෙම සෙලරොන් ප්‍රොසෙසරයෙහි මිලද සාපේක්ෂව අඩු අගයකි.

            ඉන්ටෙල් සමාගමට සමගාමීවම ඒ එම් ඩී සමාගමද ප්‍රොසෙසර නිෂ්පාදනය කරනු ලබයි.මේවාද ඉන්ටෙල් ප්‍රොසෙසර වලට වඩා මිලෙන් අඩු අගයක පවතී.
                        ප්‍රොසෙසරය මිලදී ගන්නා විට ඒ සඳහා සිසිලන පංකාවක් (Cooling fan) සහ හීට් සින්ක් (Heat sink) එකක්ද මිලදී ගත යුතුය.ප්‍රොසෙසරය රත්වීම වලක්වා ගැනීම සඳහා මෙය අනිවාර්යයෙන්ම යෙදිය යුතුය.අලුතින් ප්‍රොසෙසරයක් මිලදී ගන්නා විට සිසිලන පංකාවක් සහ හීට් සින්ක් එක ප්‍රොසෙසරය සමග ලබාදෙයි.සිසිලන පංකාවක් සහ හීට් සින්ක් එක නොමැතිව ක්‍රියාත්මකවීම නිසා ප්‍රොසෙසරය අක්‍රීය තත්වයට පත්විය හැකි නිසා ඒ පිළිබඳව විමසිලිමත් වන්න.
             ප්‍රොසෙසරය මව්පුවරුව මත සවිකරන ආකාරය ඒ සමග ලැබෙන අත්පොතෙහි(Manual) විස්තර කර ඇත.මෙය එතරම් අපහසු කාර්යයක් නොවන අතර  මව් පුවරුවෙහි ඇති ලිවරය(Lever) පරිස්සමෙන් ඔසවා නිවැරදි ලෙස ප්‍රොසෙසරය මත ඇති කට්ට(Notch) වලට මව් පුවරුව මත ඇති සොකට්ටුවෙහි කට්ට(Notch) ගැලපෙන ලෙස තබා නිසි පරිදි පරිස්සමින් ලිවරය(Lever) අගුලු දමන්න.මෙය ඉතාමත් පරිස්සමින් සිදුකල යුතු අතර නිසි පරිදි සවි නොවීමෙන්  ගැටලු මතුවිය හැක.
            ප්‍රොසෙසරයක්  සවිකිරීමේදී ප්‍රොසෙසරය මතුපිට තර්මල් පේස්ට් (Thermal past)නම් ආලේපයක් තවරනු ලබයි.අලුතින් ප්‍රොසෙසරයක් මිලදී ගන්නා විට මෙම ආලේපය හීට් සින්ක් එකමත තවරා ඇති බව දැකගත හැක.නැතිනම් කුඩා ටියුබයක් ලෙස වෙලඳපොලෙන් මිලදී ගත හැක.මෙය ප්‍රොසෙසරය රත්වනවිට තාපය හීට් සින්ක් එකට උරාගැනීම පහසු කරවීම සඳහා යොදනු ලබයි.
            ඉන්පසු  සිසිලන පංකාව(Cooling fan) සහ හීට් සින්ක් එක ඒමත නිවැරදිව සවිකල යුතු අතර මෙයද ඉතාමත් පරිස්සමින් සිදුකල යුතු ලෙහෙසි කාර්යයකි.බොහෝවිට අගුලු(Lock) මගින් මෙය සවිවන අතර වර්ගය අනුව සවිකරන ආකාරය වෙනස්විය හැක.
            පසුව සිසිලන පංකාවෙහි වයරය ව්පුවරුව මත ඇති පින් 3ක් හෝ 4ක් ඇති සීපීයූ ෆෑන්(CPU FAN) නම් කර ඇති සොකට්ටුවට නිසි පරිදි සවි කරන්න.නියමිත පැත්තට සවි කිරීමට වගබලා ගන්න.නිසි පරිදි සවි නොවූයේනම් පංකාව ක්‍රියා නොකරනු ඇත.

Comments

  1. බොහොම ස්තුතියි,දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. Godak sthuthiy godak watinawa

      Delete

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)