බල සැපයුම් ඒකකය තුල මතුවන දෝෂ හඳුනාගැනීම සහ පිළියම්
ප්‍රධාන විදුලි පරිපථයෙන් විදුලිය ලබාගෙන එය අවශ්‍ය පරිදි යොදාගැනීමත් පරිගණකයෙහි පද්ධති ඒකකය තුල තිබෙන සියළුම දෘඩාංග කොටස් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වන විදුලිය නිසි පරිදි පාලනය කිරීම බල සැපයුම් ඒකකය මගින් සිදු කරයි.බල සැපයුම් ඒකකය පිලිබඳව සවිස්තරව “බල සැපයුම් ඒකකය” ලිපියෙන් ඉදිරිපත් කරන ලදී.
බල සැපයුම් ඒකකය විවිධ හේතුනිසා අක්‍රීය විම සිදුවිය හැක.බොහෝ විට විදුලිය පාලනයක් නොමැති වීම හෝ උෂ්ණත්වය පාලනයක් නොමැතිවීමත් නිසා බල සැපයුමට හානි විය හැක.බොහෝ විට කාලයත් සමඟ බල සැපයුම් ඒකකය තුල දුහුවිලි තැන්පත් වීම, සිසිලන පංකාවල ක්‍රියාකාරීත්වය අඩාල වීමත් වෙනත් පරිපථ දෝෂ නිසාත් බල සැපයුම අක්‍රීය තත්වයට පත්විය හැක.
සමහර බල සැපයුම් ඒකක මත ප්‍රධාන විදුලි පද්ධතිය මගින් ලබා ගන්නා විදුලිය පාලනය කිරීම සඳහා භාවිතා කරනු ලබන ස්විචයක් පිහිටන අතර මෙහි 110V හෝ 220V ලෙස සටහන් කර තිබෙනු දැකිය හැක.මෙය ඒ ඒ රටවල් වල භාවිතා කරනු ලබන විදුලි ප්‍රමාණය අනුව භාවිතා කිරීම සඳහා සක්ස් කර ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ දී 220V අගයෙන් භාවිතා කිරීම කළ යුතුය.මෙය නිසි පරිදි අගයන් සකසා නොමැතිව ප්‍රධාන විදුලිය හා සම්බන්ධ කිරීම නිසා බල සැපයුම් ඒකකය දැවී යාම සිදුවේ.
යූ පී එස් (UPS) එකක් භාවිතා කරීම මගින් විදුලිය පාලනය කිරීම මගින් බල සැපයුම් ඒකකය කාලයක් භාවිතා කළ හැක.
බොහෝ අවස්ථාවන් වලදී බල සැපයුම් පද්ධතිය තුල ඇති විලායකය (Fuse) දැවීයාම සිදුවේ.බල සැපයුම දැවීයාමක් සිදුවුවහොත් මෙය විදුලි කාර්මික ශිල්පියකු ලවා අළුත්වැඩියා කර හෝ වෙනත් බල සැපයුම් ඒකකයක් ස්ථාපනය කිරීම කළ යුතුය.
බල සැපයුම් පද්ධතිය අක්‍රීය වූ විට මෙය බල සැපයුම් පරීක්ෂකයක් (Poer supply tester) මාර්ගයෙන් පරීක්ෂා කරගත හැකිය.බල සැපයුම් පරීක්ෂකයක් නොමැතිනම් බොහෝ අවස්ථාවලදී බල සැපයුමට විදුලිය සපයා එහි ඇති කළු පැහැති සහ කොළ පැහැති වයර දෙක ලුහුවත් (short) කිරීම මගින් මෙය පරීක්ෂා කරගත හැක.මෙම වයර දෙක ලුහුවත් වූ විට බල සැපයුම ක්‍රියාත්මක වේ නම් බල සැපයුම දෝෂ සහිත එකක් නොවේ.මෙසේ පරීක්ෂා කිරීමේදී සියළුම දෘඩාංග සමඟ ඇති සම්බන්ධක ඉවත් කර පරීක්ෂා කිරීම සිදුකල යුතුය.
බල සැපයුමේ විලායකය දැවී ඇතිවිට අලුත් එකක් යෙදිමට පලමුවෙන් සරල ධාරා පරිවර්තන ඩයෝඩ 4 සහ ජව ට්‍රාන්සිස්ටර් දෝෂසහගත දැයි පරීක්ෂාකර බලන්න නැතිනම් නැවත විලායකය යෙදුවොත් එයද දැවියාමට හැකිය....
ReplyDeleteස්තුතියි...
Deleteයාලුවා මගෙ PC එකේ ලෙඩක් තියෙනවා. ඒක ඔන් කරම තත්පර 10 විතර ගිහින් OFF වෙනවා. ඊට පස්සෙ ආපහු ඔන් වෙන්නෙ නෑ, විනඩි 10ක් විතර තියලා දැන්මම ඔන් වෙලා ආපහු කලින් වගේ OFF වෙනවා.මේ විදියට 3න් පාරක් 4 පාරක් කරම PC එක දිගටම වැඩ. හැබැයි ඊට පස්සෙ දවසෙ ඔන් කරාම පරන ලෙඩේම තමා. මම PSU එක මාරු කරා එතකොට අවුලක් නැතිව වැඩ. PSU එක PC එකෙන් ගලවලා ඔන් කරලා තිබ්බා එතකොට OFF වෙන්නෙ නැතිව වැඩ, මම හිතන්නෙ load එක ගන්න කොට තමයි ලෙඩේ එන්න. PSU එක හදාගන්න අදහසක් දෙන්න පුලුවන්ද?
ReplyDeleteProcessor cooling system එක හරියට වැඩද කියලා බලන්න
Delete????????????
Deleteyaluwa mage laptop eka rath wela off wenawa wedak karana kota.e mokadA KIYALA ADAHASAK DENNA PULUWANDA
ReplyDeleteProcessor cooling system එක හරියට වැඩද කියලා බලන්න.
Deleteමටනම් මෙව්වා ටිකක් සංකීර්ණයි. කමක් නැහැ හිමීට ඉගෙන ගමුකෝ
ReplyDelete