වීඩියෝ කාඩ්පත(Video card)

                       පරිගණකයක ප්‍රධාන ප්‍රතිදාන ඒකකය (Output unit) වන මොනිටරය(Monitor) මගින් ලබාදෙන රූප සැකසුම එහෙමත් නැතිනම් වීඩියෝ අවුට් පුට් (Video output)එක සඳහා අවශ්‍ය වන වීඩියෝ සංඥා (Video signal) සැකසීම සිදු කරනු ලබන්නේ වීඩියෝ කාඩ්පත(Video card) මගිනි.
                        නිල් හෝ කලු පැහැති කුහර(Hole) 15 කින් සමන්විත "D"ටයිප් ෆී මේල් (Fe mail) ආකාරයේ සම්බන්ධකයක්(Connector) සාමාන්‍ය  වීඩියෝ කාඩ්පතක ඇත.මේ මගින් වීඩියෝ කාඩ්පත මොනිටරය සමඟ සම්බන්ධ කිරීම සිදුකරයි.මොනිටරයෙහි ඇති "D"ටයිප් මේල් (Mail) ආකාරයේ සම්බන්ධකය වීඩියෝ කාඩ්පතෙහි ඇති "D"ටයිප් ෆී මේල් ආකාරයේ සම්බන්ධකයට සම්බන්ධ කරනු ලබයි.
            බොහොමයක් මව්පුවරු නිෂ්පාදන සමාගම් බොහෝ විට පරිගණක මව්පුවරුව මතම වීඩියෝ කාඩ්පත ඹන් බෝර්ඩ් (On board) ආකාරයට නිෂ්පාදනය කරනු ලබයි.එහෙත් සමහර මව්පුවරු මත වීඩියෝ කාඩ්පත ඹන් බෝර්ඩ් ආකාරයට දක්නට නොමැත. ඹන් බෝර්ඩ් ආකාරයට නිෂ්පාදනය කරනු ලබන වීඩියෝ කාඩ්පත් සඳහා දත්ත රඳවාගැනීමට අවශ්‍ය වන මතකය රැම් පරිපථය මගින් ලබා ගනිමින් ක්‍රියාත්මකවීම සිදුවේ.මේ නිසා පරිගණකයෙ‍හි රැම් ධාරිතාවය(RAM Capacity) යම් ප්‍රමානයකින් අඩු වීමක් සිදුවේ.මේ ආකාරයේ වීඩියෝ කාඩ්පත්වල ධාරිතාවය පරිගණකයකයෙහි සී මොස් (C MOS) වැඩසටහන මගින් සකසා ගතහැකි අතර මෙය පරිගණකයෙ‍හි රැම් ධාරිතාවය හෝ සී මොස් වැඩසටහන මගින් සැකසිය හැකි උපරිම ප්‍රමානය මත සීමා සහිත වේ


            මව්පුවරුවට පිටතින් සවි කරනු ලබන වීඩියෝ කාඩ්පත් මගින් වැඩි ධාරිතාවයක් සහ වඩාත් කාර්යක්ෂමතාවයක් ලවාගත හැකි අතර අප සිදු කරනු ලබන කාර්යයට සරිලන ධාරිතාවයක් සහිත වීඩියෝ කාඩ්පතක් වෙලඳ පලෙන් මිලදී ගතහැක.
            කලින් කලට විවිධ ලෙස නවීකරනය වෙමින් මව්පුවරුව මත ඇති වී ජී ඒ ස්ලොට්(VGA Slot) වැඩි දියුනු වී ඇති අතර මව්පුවරුව මත ඇති පී සී අයි (PCI), ඒ ජී පී (AGP), හෝ  පී සී අයි එක්ස්ප්‍රස් (PCI Express) ස්ලොට් සඳහා  වීඩියෝ කාඩ්පත් සම්බන්ධ කරනු ලබයි.නවීන මව්පුවරුව මත පිහිටා ඇත්තේ පී සී අයි එක්ස්ප්‍රස්(PCI Express) ස්ලොට් ය.මෙහි දත්ත සැකසුම් වේගය(Data processing speed) වැඩිය.
            වීඩියෝ කාඩ්පත මව්පුවරුවට සවි කිරීම ඉතාමත් පහසු කටයුත්තක් වන අතර මෙය පරිස්සමින් සිදු කල යුතුය.පරිගණක චැසිය තුල මව්පුවරුව සම්බන්ධකර ඉන්පසු චැසිය පිටුපස කොටසෙහි වී ජී ඒ ස්ලොට්(VGA Slot) එක කෙලින් පිහිටා ඇති ඉවත් කලහැකි තහඩු කොටස ඉවත්කර පරිස්සමින් වීඩියෝ කාඩ්පත වී ජී ඒ ස්ලොට් එක මත තබා පහතට තෙරපන්න.අනවශ්‍ය ලෙස බලය යොදන්න එපා.ඉන් පසු කුඩා ඉස්කුරුප්පු ඇනයක් මගින්  වීඩියෝ කාඩ්පත චැසියට සවිකරන්න. 


            නිසි අයුරින් සම්බන්ධ නොවීම නිසා ගැටලු මතු විය හැක.සමහර වීඩියෝ කාඩ්පත් වල බල සැපයුම් සොකට්ටුවක් (Power supply socket)ඇති අතර මේ සඳහා බල සැපයුම් ඒකකය(Power supply unit) මගින් ලබාදෙන කුඩා බල සැපයුම් වයරය සම්බන්ධ කල යුතුය.
                         වීඩියෝ කාඩ්පත පරිගණකයට සම්බන්ධකල පසු එය පරිගණකය විසින් හඳුනා ගැනීම සඳහා මෘදුකාංග(Software) ස්ථාපනය කලයුතුය.මේ සඳහා අවශ්‍යය මෘදුකාංග ඇතුලත් සීඩී තැටියක් නිෂ්පාදකයා(Manufacturer) විසින් ලබා දෙනු ලබන අතර අවශ්‍ය වුවහොත් අන්තර්ජාලය(Internet) මගින් බා ගත(Download) කරගැනීමද සිදුකර ගත හැක.
                        බොහෝ විට නවීන පරිගණක ක්‍රීඩා කිරීම, ත්‍රිමාන සජීවී කරන වැඩ සටහන් නිපදවීම, චිත්‍ර පට නිෂ්පාදනය, චිත්‍රක නිර්මාණ කටයුතු වැනි සංකීර්ණ කටයුතු සඳහා වැඩි ධාරිතාවයක් සහ වැඩි කායක්ෂමතාවයක් සහිත වීඩියෝ කාඩ්පතක් අවශ්‍ය වේ.සාමාන්‍ය ලේඛන කටයුතු, අන්තර්ජාලය භාවිතය, චිත්‍රපට නැරඹීම වැනි කටයුතු සඳහා  ඹන් බෝර්ඩ් වීඩියෝ කාඩ්පතක් යොදාගැනීම ප්‍රමානවත් වේ.                 

Comments

  1. වටිනා විස්තරයක්. දිගටම ලියන්න.

    තව එකක්,
    කොමෙන්ටු දමන අය‍ට ward verification තියෙන එක තරමක කරදරයක්. ඒ නිසා ඒක අයින් කරන්න පුළුවන්නම් ගොඩක් හොදයි.

    ReplyDelete
  2. computer sambandawa digatama liyanna

    ReplyDelete
  3. machn weladapale thiyena hoda brand wagema ewage ganath asanna widihata hari danna puluwannam wade thawath hodai....kohoma unath wade nam mal hathai.

    ReplyDelete
    Replies
    1. තවත් විස්තර සහිතව ලියන්න උත්සාහ කරන්නම්.ස්තුතියි...

      Delete

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)