දෘඩ තැටිය සම්බන්ධව මතුවන දෝෂ හඳුනාගැනීම සහ පිළියම්

            පරිගණක යන්ත්‍රයෙහි මෙහෙයුම් පද්ධතියේ (Operating system) සිට සියළුම මෘදුකාංග (Software) ස්ථාපනය සහ වෙනත් සියළුම දත්ත සහ තොරතුරු ගබඩා කර ගබාගැනීම සඳහා යොදවා ගන්නා ප්‍රධාන මාධ්‍ය වන්නේ පරිගණකයෙහි දෘඩ තැටියයි (Hard disk). අප විසින් පරිගණකය තුල සුරක්ෂිතව තැන්පත් කරනු ලබන සියළුම වැදගත් දත්තයන් සහ තොරතුරු සියල්ලම නිසි පරිදි ආරක්ෂා කරගැනීමට දෘඩ තැටියෙහි ආරක්ෂාව පිළිබඳව කල්පනාකාරී විය යුතුය.විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය සහ සියළුම මෘදුකාංග ස්ථාපනය වන්නේ දෘඩ තැටිය තුල නිසා ඒ පිළිබඳව මනාව අවබෝධයෙන් සිටිය යුතුය.නැතිනම් බොහෝ වටිනා මෘදුකාංග මෙන්ම ඔබගේ වටිනා දත්තයන් වෙනත් මාධ්‍යයක් තුල සුරක්ෂිත කර තබාගැනීම වඩාත් යෝග්‍ය කටයුත්තකි.දෘඩ තැටිය පිළිබඳ සවිස්තරව දෘඩ තැටියලිපියෙන් ඉදිරිපත් කරන ලදී.

            බොහෝ විට නවීන පන්නයේ එස් එස් ඩී ( S S D) වර්ගයේ ධාවක තුල තැටි අඩංගු නොවේ.මේවා තුල මතකය රඳවා ගනු ලබන්නේ ෆ්ලෑෂ් මතක චිප් (Flash memory chip) තුල ගබඩා කර ගනිමිනි.ඒ නිසා මේවා යොදා ගැනීමේදී බල සැපයුම නිවැරදිව භාවිතා කළ යුතු මෙන්ම වඩාත් ආරක්ෂා කාරී විය යුතුය.මේවා ඉතා වේගවත්ව දත්ත සම්ප්‍රේෂණය කරනු ලබන අතර මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය සඳහා වඩාත් යෝග්‍ය වේ.මේවා දැවී යාමක් සිදුවුවහොත් තැන්පත් කර ඇති දත්ත නැවත ලබාගත නොහැක.ඒ නිසා වටිනා දත්තයන් තැන්පත් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න.
             සාමාන්‍ය දෘඩ තැටි තුල දත්ත ගබඩාකිරීම සිදුවන්නේ එහි අභ්‍යන්තරයේ ඇති තැටි (Platters) මත විද්‍යුත් චුම්භක බලය සහිත තර්කුවක් (Spindle)ආධාරයෙන් දත්ත සටහන් කිරීමය.විද්‍යුත් චුම්භක බලය ආධාරයෙන් දත්ත සටහන් කිරීම සහ කියවීම සිදු කරයි. මේ නිසා මේවා චුම්භක බල සහිත ස්ථානවල තැබීම නිසා දත්ත විනාශ විය හැක.
බොහෝ අවස්ථාවන් වලදී මෙවැනි දෘඩ තැටි හානියට ලක් වන්නේ අනවශ්‍ය ලෙස බල සැපුම ව්සන්ධි වීම හෝ අනාරක්ෂිත ලෙස පරිගණකය අක්‍රීය කිරීම (Shut down) හේතුවෙනි.පරිගණකය ක්‍රියාත්මක කල අවස්ථාවේ සිටම දෘඩ තැටිය ක්‍රියාකාරී වන අතර හිටි හැටියේ බලය විසන්ධිවීම නිසා එම දෘඩ තැටිය මත දත්ත ලිවිම සහ කියවීම සිදු කරනු ලබන තර්කුව (Spindle) එක් වරම තැටිය මත නතර වීම නිසා තැටිය සීරීමකට ලක්වේ.ඒ නිසා ඒ ස්ථාන මත දත්ත සටහන් කල නොහැකි වීම මෙන්ම පවතින දත්ත විනාශවී යාම සිදුවේ.මෙවන් ස්ථාන බෑඩ් සෙක්ටර්ස් (Bad sectors) වශයෙන් හඳුන්වනු ලබන අතර මේවා දෘඩ තැටිය ක්‍රියාත්මක වීමේදී වර්ධනය වීම සිදුවේ.බොහෝ අවස්ථාවන් හීදි පරිගණකයෙහි බල සැපයුම් ඒකකය සඳහා යූ පී එස් (UPS) එකක් භාවිතා කිරීමත් සෑම අවස්ථාවක දීම ආරක්ෂාකාරී ලෙස පරිගණක යන්ත්‍රය ක්‍රියා විරහිත (Shut down) කිරීමත් නිසා දෘඩ තැටියෙහි ආයුකාලය වැඩි කර ගත හැක.
නිතර නිතර දෘඩ තැටිය ෆෝර්මැට් (Format) කිරීම නිසාද බෑඩ් සෙක්ටර්ස් හට ගැනීම සිදුවේ.මේවා පරිගණකය තුල ස්ථාන ගත කිරීමේදී සහ භාවිතා කිරීමේදී චලනය නොවන පරිදි ස්ථාන ගත කළ යුතුය‍.සාමාන්‍යයෙන් දෘඩ තැටිය නිතර නිතර භ්‍රමනය වීම සිදුවන නිසා කාලයත් සමඟ බෙයාරින් (Bearing) ගෙවී යාම සිදුවීම නිසා දෘඩ තැටිය දෝෂ සහිත විය හැකිය. බොහෝ විට බෙයාරින් ගෙවීයාම හෝ අනවශ්‍ය ලෙස බෑඩ් සෙක්ටර්ස් ඇතිවීම නිසා දෘඩ තැටිය තුලින් අනවශ්‍ය ශබ්දයක් ඇතිවීම පරිගණකය අතර මඟ සිරවීම (Struck) හෝ මන්දගාමී වීම සිදුවේ.තවද බොහෝ විට පරිගණක යන්ත්‍රය නැවත ක්‍රියාත්මක වීම හෝ දෘඩ තැටි මත පිටපත් කර ඇති යම් යම් වැඩ සටහන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සිදුවේ.බොහෝ අවස්ථාවන්හි දෘඩ තැටිය භාවිතා නොකළහැකි තත්වයට පත් වූ විට නිල් පැහැති පසුතලයක් මත සුදු පැහැති අකුරින් දෝෂ පනිවුඩයක් (Blue screen error massage) දැක්වීම සහ පරිගණකය නැවත ක්‍රියාත්මක වීම සිදුවේ.තවද මෙහෙයුම් පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ අතර මගදී පරිගණකය නැවත ක්‍රියාත්මක වීම සිදුවේ.මෙන්ම මෙවන් අවස්ථාවකදී දෘඩ තැටිය වෙනුවට අළුත් එකක් භාවිතා කිරීම යෝග්‍ය වේ.
            තවද බල සැපයුම හෝ දත්ත සම්ප්‍රේෂණය සිදුකරන කේබල් ලුහුවත් වීම නිසාද දෘඩතැටිය දෝෂ සහිත විය හැක.බොහෝ විට මෙවන් අවස්ථාවකදී දෘඩ තැටිය ස්ථාපනය කර නැති බව දන්වයි.එසේම මෙහෙයුම් පද්ධතිය අඩංගු දෘඩ තැටිය ලුහුවත් වී ඇත්නම් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක නොවන අතර එම දෝෂ පණිඩුඩය (Error massage) තිරය මත දැකගත හැක.අයි ඩී ඊ කේබල් (IDE Cable) සහිත එකක් නම් නිසි පරිදි පිනු සැකසුම් (Jumper settings) සිදු නොවූ විටද මේ තත්වය සිදුවේ.අයි ඩී ඊ කේබල් (IDE Cable) සහ පිනු සැකසුම් සම්බන්ධව අයි ඩී ඊ කේබල් සහ සාටා කේබල් යන ලිපියෙන් ඉදිරිපත් කරන ලදී.
            තවද බොහෝ විට මෙහෙයුම් පද්ධතිය සහිත දෘඩ තැටිය දත්ත තැන්පත් කිරීම නිසා ධාරිතාවය (Capacity) අවම වීම හේතුවෙන් දෘඩ තැටිය මන්දගාමී විය හැකිය.බොහෝ විට නිතර නිතර දත්ත තැන්පත් කිරීම මකා දැමීම වැනි කටයුතු නිසා අක්‍රමවත් ලෙස දත්ත දත්ත සටහන් වීම නිසාද පරිගණකය මන්දගාමී තත්වයට පත්කරයි.මෙවන් අවස්ථාවන් වලදී මේවා නිසි පරිදි ක්‍රමානුකූලව සැකසීම සඳහා අවශ්‍ය මෘදුකාංගයක් භාවිතා කර සකසා ගත යුතුය.තවද අනවශ්‍ය මාදුකාංග සහ වෙනත් දත්තයන් නිතරම ඉවත්කර දැමීම සහ දෘඩ තැටිය නිතරම පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීම නිසා පරිගණකයෙහි වේගය පවත්වා ගත හැක.බොහෝ විට දෘඩ තැටිය වෙන්කර (Partition) මෙහෙයුම් පද්ධතිය සඳහා වෙනමම එක් කොටසක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.මෙසේ වෙන්කර (Partition) ගැනීම මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයේදී සිදුකළ යුතුය.
            කෙසේ නමුත් හොඳ තත්වයේ බල සැපයුමක් භාවිතා කිරීම, පරිගණකය ආරක්ෂා සහිත ලෙස ක්‍රියා විරහිත කිරීම, අනවශ්‍ය ගොනු මකා දැමීම, අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීම සහ දෘඩ තැටිය මනාව කළමනාකරණය කිරීම නිසා දෘඩ තැටිය දිගු කාලයක් භාවිතයට ගතහැකිවනු ඇත.

Comments

  1. නියමයි. ඔය ප්‍රශ්නෙ වෙච්ච මැසිමක් අපේ ඔපීසියෙ තියනව. හාඩ්එක දැම්මනං හරිනේද?

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරල බලන්න.

      Delete

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)