ප්‍රොසෙසරය සම්බන්ධව මතුවන දෝෂ හඳුනාගැනීම සහ පිළියම්

                පරිගණක යන්ත්‍රය තුල සිදු කරන සියළුම දත්ත සැකසුම් කටයුතු සිදුකිරීම මධ්‍ය සැකසුම් ඒකකය (Central processing unit) සතු කර්තව්‍යයයි.පරිගණකයෙහි ප්‍රධානතම ඒකකය මධ්‍ය සැකසුම් ඒකකයයි.බොහෝ අවස්ථාවන් හීදී ප්‍රොසෙසරය (Processor) විවිධ වෙළඳ නාම (Brand name) යටතේ වර්ගී කරණය කරනු ලබයි.තවද වෙළඳනාම වලට අමතරව මේවා තාක්ෂණික දියුණුවත් සමඟ විවිධ වෙනස්කම් වලට ලක් වෙමින් වඩාත් දියුණු ලෙස වර්ධනය වීම නිසා විවිධ ප්‍රොසෙසර පරම්පරා (Genaration) වශයෙන්ද වර්ගීකරණය කරනු
ලබයි.සාමාන්‍යයෙන්  මව්පුවරු නිෂ්පාදකයින් මව්පුවරු නිෂ්පාදනය
කරනුයේ ප්‍රොසෙසරයේ ගුණාංග පිළිබඳව සලකා බලා ඒවාට ගැලපෙන අයුරිනි.ඒ නිසා බොහෝමයක් පරිගණක ප්‍රොසෙසරයේ වර්ගයට අනුව වර්ගීකරනය කරනු දැකිය හැක.ඉන්ටෙල් (Intel) ප්‍රොසෙසර සහිත පරිගණක පෙන්ටියම් 1 (Pentium 1) , පෙන්ටියම් 2  (Pentium 2) , පෙන්ටියම් 3 (Pentium 3) , පෙන්ටියම් 4 (Pentium 4) , ඩුවල් කෝ(ර්) (Dual core) , කෝර්(ටු)ඩුවෝ (Core 2 Duo) , ක්ව(ර්)ඩ් කෝ(ර්) (Quad core) , කෝර් අයි ත්‍රී (Core I 3) , කෝ(ර්) අයි ෆයිව් (Core I 5) , කෝර් අයි සෙවන් (Core I 7) ) ලෙස වර්ගීකරණය කරනු ලබන්නේ ප්‍රොසෙසරයේ පරම්පරාව සහ වේගය අනුවය.පරිගණකයක වටිනාකම පිළිබඳව ගණනය කරනු ලබන්නේද ප්‍රධාන වශයෙන් ප්‍රොසෙසරයේ වර්ගය,  ඝටිකා වේගය (Clock speed) සහ පරම්පරාව මූලික කරගෙනය.බොහෝ විට ඒ එම් ඩී (AMD) වර්ගයේ ප්‍රොසෙසර වෙළඳපල තුල ඉන්ටෙල් (Intel) ප්‍රොසෙසර හා තරඟකාරීත්වයක් ගත්තද පුද්ගල පරිගණක (Personal computer) වල වැඩි වශයෙන් භාවිතා කරනුයේ ඉන්ටෙල් (Intel) සමාගම විසින් නිපදවන ප්‍රොසෙසර වේ.ප්‍රොසෙසරය පිළිබඳ විස්තරාත්මකව ප්‍රොසෙසරය ලිපියෙන් ඉදිරිපත් කරන ලදී.  
            පරිගණකය ක්‍රියාත්මක වූ අවස්ථාවේ සිටම පරිගණකය තුල සිදුවන සියළුම සැකසීම් සිදුවන්නේ ප්‍රොසෙසරයෙහි උපරිම ඝටිකා වේගය (Clock speed) සහ හැකියාව මතය.ඒ නිසා ප්‍රොසෙසරය පද්ධති ඒකකය (System unit) තුල අඩංගුවන වෙනත් උපාංගයන්ට වඩා වේගයෙන් රත් වීමකට (Heat) ලක්වේ. බොහෝමයක් අවස්ථාවන් වලදී ප්‍රොසෙසරයක දෝෂ හට ගන්නේ උෂ්ණත්වය (Temperature) පමනට වඩා ඉහල යාම හේතුවෙනි.පමනට වඩා උෂ්ණත්වය ඉහලයාම නිසා  යන්ත්‍රය නිතර නිතර ක්‍රියා විරහිත වීම (Shut down) හෝ ස්වයංක්‍රීයව නැවත ක්‍රියාත්මක වීම (Re start) සිදුවිය හැකි අතර උෂ්ණත්ව පාලන සැකසුම් නිසි පරිදි සකසා නොමැති අවස්ථාවක ප්‍රොසෙසරය දැවී යාමද (Burn) සිදුවිය හැක.
බොහෝ විට මේ සඳහා විවිධ මට්ටමේ සිසිලන පද්ධති (Cooling system) සම්බන්ධ කිරීම මගින් මෙම උෂ්ණත්වය පාලනය කිරීම උපරිම අයුරින් සිදුකිරීම පරිගණකයක වේගවත් බව සහ ප්‍රොසෙසරයෙහි කල් පැවැත්මට ද උපකාරී වේ.ප්‍රොසෙසරය මිලදී ගන්නා අවස්ථාවේ දී ඒ සඳහා නිෂ්පාදකයා විසින් හොඳ තත්වයේ සිසිලන පංකාවක් (Cooling fan)සහ රස්නය උරාගන්නා හීට් සින්ක් (Heat sink) එකක් සහිත සිසිලන පද්ධතියක් (Cooling system) ලබාදෙනු ලබයි.

           දැනට පවතින නවීන මව්පුවරු වල බියෝස් සැකසුම් (BIOS Settings) මගින් ප්‍රොසෙසර උෂ්ණත්වය අනවශ්‍ය ලෙස ඉහල යාම පාලනය කිරීම සඳහා සැකසුම් පිහිටුවා ඇත.මේ නිසා ප්‍රොසෙසරය උෂ්ණත්වය ඉහල යාම පාලනය කරනු ලබන අතර  මෙම සැකසුම් නිවැරදිව සකස් කිරීම සිදුකල යුතුය.බොහෝ විට බියෝස් සැකසුම් සාමාන්‍ය අවස්ථාවේදී පවතින විට මෙම අගයන් නියමිත අගයෙන් පවතී.එහෙත් අපට අවශ්‍ය පරිදි මෙම අගයන් වෙනස් කරගත හැක..බොහෝ මව්පුවරු වල ප්‍රොසෙසර උෂ්නත්වය යම් සීමා සහිත මට්ටමකට වඩා වැඩි අගයක් ගන්නා අවස්ථාවලදී එ පිළිබඳව බීප් සංඥාවකින් (Beep signal) දැනුම් දීම සඳහා සැකසුම් සකස් කිරීමට හැකියාවක් ඇත.එහෙත් අනිවාර්යයෙන්ම සීමිත උෂ්ණත්වයට වඩා වැඩි අගයක් තුලදී පරිගණකය ස්වයංක්‍රීයව (Automatically)  ක්‍රියා විරහිත වීමට සැකසුම් සකස් කිරීම වඩාත් උචිතය. සාමාන්‍යයෙන් ප්‍රොසෙසරයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 60-65 ත් අතර පමන වන අතර බියෝස් (BIOS) සැකසුම් මත සැකසීමේදී උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 70 ට පමණ සැකසීම යෝග්‍ය වේ.
            එහෙත් කාලයත් සමඟ ප්‍රොසෙසරය සමඟ සම්බන්ධ වන පංකාව සහ හීට් සින්කය (Heat sink) මත දුහුවිලි තැන්පත් වීම සහ ප්‍රොසෙසරය මත ආලේප කරනු ලබන තර්මල් පේස්ට් (Thermal past) නම් තාප සන්නායක ආලේපය වියලීම හේතුවෙන් සහ පංකාව ක්‍රියාත්මක වීමේදී පංකාවට සම්බන්ධ බෙයාරින් (Bearing) ගෙවීයාම හේතුවෙන් සිසිලන පද්ධතිය (Cooling system) දුර්වල විය හැකි අතර මේ හේතුවෙන් ප්‍රොසෙසරයේ උෂ්ණත්වය අනවශ්‍ය ලෙස ඉහලයාම නිසා ගැටළු මතුවිය හැක.මෙවන් අවස්ථාවකදී සිසිලන පද්ධතිය  ප්‍රෙව්ශමෙන් ගලවා කුඩා බුරුසුවක් (Brush)ආධාරයෙන් නිසි පරිදි පිරිසිදු කරගන්න.ප්‍රොසෙසරය මත සහ හීට් සින්කය (Heat sink) මත ආලේප කර ඇති තර්මල් පේස්ට් (Thermal past) ආලේපය වියලී ඇත්නම් ඉතා ප්‍රෙව්ශමෙන් එය සූරා ඉවත්කර නැවත ආලේප කරන්න.තර්මල් පේස්ට් ආලේපය වෙළඳපලෙන් සුළු මුදලකට මිලදී ගත හැක.සිසිලන පංකාව මත ඇති බෙයාරින් ගෙවී යාමක් සිදුවී ඇත්නම් සිසිලන පංකාව ක්‍රියාත්මක වීමේදී තරමක ශබ්දයක් ඇතිවීම සහ පංකාවේ වේගය අඩුවීමක් දැක ගත හැක.එවන් අවස්ථාවක නව සිසිලන පද්ධතියක් ස්ථාපනය කිරීම වඩාත් යෝග්‍ය වේ.
            ප්‍රොසෙසරය ගලවා සොකට්ටුව (Socket) පිරිසිදු කිරීමට යාම එතරම් සුදුසු කටයුත්තක් නොවේ.ප්‍රොසෙසරය සව්වන සොකට්ටුව වඩාත් සංකීර්ණ මෙන්මකුඩා සිදුරු (Hole) හෝ ඉතා සියුම් කම්බි (Pin) සහිතව සකසා ඇති නිසා ඉක්මනින් පළුදු (Damage) වීමට හැකි නිසා මෙන්ම පින් සහිත ප්‍රාසෙසරවල පින් ඉතා සියුම් නිසා ඇදවීම සිදුවිය හැකි බැවින් වඩාත් ගැටළු සහගත විය හැක.සොකට්ටුව පළුදු වීමක් සිදු වුවහොත් මව්පුවරුව ඉවත් කිරීමට සිදුවිය හැකි බැවින් සහ ප්‍රොසෙසරයෙහි පින් ඇදවීම නිසා ප්‍රොසෙසරය පළුදු වී ඉවත් කිරීමට සිදුවිය හැකි බැවින් වඩාත් කල්පනා කාරීව කටයුතු කිරීම යෝග්‍ය වේ.


            නිරන්තරයෙන් සිසිලන පද්ධතිය මනාව පිරිසිදුව සහ වඩාත් කාර්යක්ෂමව පවත්වා ගැනීම පරිගණක යන්ත්‍රයෙහි කල්පැවැත්මට සහ වේගය පවත්වා ගැනීමටද උපකාරී වේ.ප්‍රොසෙසරයෙහි උෂ්ණත්වය වැඩිවීම නිසා පරිගණකයෙහි කාර්යක්ෂම තාවය අඩුවීම සිදුවේ.


            ප්‍රොසෙසරය ඕවර් ක්ලොක් (Over clock) කිරීම හෙවත් ඝටිකා වේගය වැඩිකිරීම නිසාද ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාව වැඩි වනවා මෙන්ම එහි උෂ්ණත්වයද ඉතා ඉක්මනින් ඉහළ යාම සිදුවේ.මේ නිසා ප්‍රොසෙසරය ඕවර් ක්ලොක් කිරීමක් සිදුකිරීමට අවශ්‍ය වේ නම් වඩා හොඳ තත්වයේ සිසිලන පද්ධතියක් ස්ථාපනය කිරීම යෝග්‍ය වේ.එසේම අනවශ්‍ය පරිදි ඝටිකා වේගය (Clock speed) වැඩි නිරීම නිසා ප්‍රොසෙසරයෙහි ආයු කාලය අඩුවිය හැක.  

Comments

  1. නියම සයිට් එකක් සහෝ...දිගටම කරගෙන යන්. සුභ පැතුම්...

    ReplyDelete
  2. ගොඩක් වැදගත් ලිපි පෙළක්,දිගටම කරගෙන යමු!!!

    ReplyDelete
  3. p3 eke ram shokat eka p4 eka venasda?

    ReplyDelete
    Replies
    1. රැම් සොකට් වර්ගය ගොඩක් වෙලාවට වෙනස්.ඒත් පෙන්ටියම් 3 හෝ පෙන්ටියම් 4 කියන්නේ ප්‍රොෙසසරය වර්ගය.බොහෝ විට එස් ඩී ආර්, ඩී ඩී ආර්, වගේ රැම් පිළිබඳ වෙනස්කම් ගැන රැම් පරිපථය ලිපිය කියවන්න.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. I read all the post so far ,but why did you stop this ??? come on ,start again

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)