වීඩියෝ කාඩ්පත සම්බන්ධව මතුවන දෝෂ හඳුනාගැනීම සහ පිළියම්

            පරිගණකයක ප්‍රධාන ප්‍රතිදාන (Output) ඒකකය වන මොනිටරය (Monitor) වෙත වීඩියෝ සංඥා (Video signal) ලබාදීම සහ සැකසීම වීඩියෝ කාඩ්පත (Video card)  විසින් සිදු කරනු ලබයි.බොහෝ මව්පුවරු නිෂ්පාදකයින් විසින් මව්පුවරුව (Mother board) මත ඔන්බෝර්ඩ් (On board) ආකාරයට වීඩියෝ කාඩ්පත පිහිටුවනු ලබන අතර සමහර මව් පුවරු මත ඔන්බෝර්ඩ් ආකාරයට වීඩියෝ කාඩ්පත් න්ෂ්පාදනය නොකරයි.එහෙත් මෙම සෑම මව්පුවරුවකටම වෙනමම වීඩියෝ කාඩ්පත් සවිකිරීම සඳහා ස්ලොට් (Slot) එකක් දක්නට ලැබෙයි.බොහෝ දුරට තාක්ෂණික දියුණුවත් සමඟ මේවා වඩාත් වේගවත් ලෙස දත්ත හුවමාරු කිරීමට හැකියාව සහිතව දියුණුවට පත්වුණ අතර දැනට පවතින මව් පුවරු මත ඒ ජී පී (A G P)වර්ගයේ සහ පී සී අයි එක්ස්ප්‍රස් (P C I Express) වර්ගයේ වීඩියෝ කාඩ්පත් දක්නට ලැබෙයි.වීඩියෝ කාඩ්පත සම්බන්ධව විස්තර සහිතව වීඩියෝ කාඩ්පතලිපියෙන් ඉදිරිපත් කරන ලදී.
            වීඩියෝ කාඩ්පත ඔන්බෝර්ඩ් (On board) ආකාරයට පිහිටුවා ඇති මව්පුවරු බොහෝමයක වීඩියෝ සැකසුම සඳහා වැයවන මතක (Memory) ධාරිතාවය රැම් පරිපථය මගින් ලබා ගනු ලබන අතර මෙය අවශ්‍ය පරිදි බියෝස් (BIOS) වැඩසටහන තුල වීඩියෝ කාඩ්පත සම්බන්ධ සැකසුම් මගින් පාලනය කලහැක.මෙහිදී වීඩියෝ සැකසුම් සඳහා යොදාගනු ලබන මතක ධාරිතාවය රැම් පරිපථයේ ධාරිතාවයෙන් අඩුවීමක් සිදුවේ.
            වීඩියෝ සංස්කරණය, ත්‍රිමාණ සජීවීකරණය, නවීන පරිගණක ක්‍රීඩා කිරීම සහ වෙනත් වැඩි වීඩියෝ මතක ධාරිතාවයක් සහිත කටයුතු සිදුකිරීම සඳහා මව්පුවරුව මත ඔන්බෝර්ඩ් ආකාරයේ වීඩියෝ කාඩ්පත ප්‍රමාණවත් නොවන අතර මේ සඳහා මතක ධාරිතාවය වැඩිපුර ඇති වීඩියෝ කාඩ්පතක් මව්පුවරුවට සම්බන්ධ කරගත යුතුය.බොහෝ විට ඔන්බෝර්ඩ් වීඩියෝ කාඩ්පත මගින් ලබාදෙනවාට වඩා වැඩි වේගයක්, වැඩි මතක ධාරිතාවයක්,වඩාත් පැහැදිලි රූප මෙන්ම තවත් වීඩියෝ දසුන් සම්බන්ධ තාක්ෂණික සැකසුම් සහිත වීඩියෝ කාඩ්පත් වෙළඳපලෙන් මිලදීගත හැක.
            නව වීඩියෝ කාඩ්පතක් පරිගණකයට ස්ථාපනය කිරීමෙන් පසු ඒ සඳහා අවශ්‍ය ධාවක මෘදුකාංග (Driver software) ස්ථාපනය (Install) කළ යුතුය.මේවා වීඩියෝ කාඩ්පත නිෂ්පාදකයා විසින් මිලදී ගන්නාවිට ලබාදෙනු ලබන අතර නැතිනම් නිෂ්පාදකයාගේ වෙබ් අඩවියෙන් බාගත (Download) කල හැක.ධාවක මෘදුකාංග ස්ථාපනය නිසිපරිදි සිදු නොවූයේ නම් හෝ ධාවක මෘදුකාංග ස්ථාපනය නොකිරීම නිසාද වර්ණ වෙනස්කම් හෝ වෙනත් ගැටළු ඇතිවිය හැක.ඔන්බෝර්ඩ් ආකාරයේ වීඩියෝ කාඩ්පත් සඳහා අවශ්‍ය ධාවක මෘදුකාංග මව්පුවරුව නිෂ්පාදකයා (Manufacture) විසින් ලබාදෙනු ලබයි.
            පරිගණකය ක්‍රියාත්මක කලවිට නිසි පරිදි යන්ත්‍රය ක්‍රියාත්මක වේනම් දර්ශක බල්බ (Display light) නිසිපරිදි දැල්වේ නම්, යන්ත්‍රය ක්‍රියාත්මක වන අවස්ථාවේදී සාමාන්‍ය පරිදි සිදුවේ නම් සහ තිරය (Screen) මත දර්ශන නොලැබේ නම් හෝ අපැහැදිලි දර්ශන ලබාදේ නම් මෙය වීඩියෝ කාඩ්පත සම්බන්ධ ගැටළුවක් විය හැක.
            බොහෝ විට වෙනමම සවිකරන ලද වීඩියෝ කාඩ්පතක් ගැටළු සහිත වූවිට පරිගණකය ක්‍රියාත්මක වන අවස්ථාවේදී මව්පුවරුව මත පිහිටුවා ඇති සිපීකරය (Speaker) මගින් බීප් (Beep) හඬක් නිකුත් වන අතර සාමාන්‍යයෙන් කෙටි බීප් හඬ තුනක් සහ එක් දිගු බීප් හඬක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.එහෙත් මව් පුවරු නිෂ්පාදකයාට අනුව බීප් හඬ මඳක් වෙන්ස් විය හැක.මේ අවස්ථාවේදී අපට වීඩියෝ කාඩ්පත දෝෂ සහිත බවට නිගමනය කල හැක.ඔන් බෝර්ඩ් ආකාරයේ වීඩියෝ කාඩ්පත් ගැටළු සහිත වූ විට බොහෝ විට බීප් හඬ නොනැගේ.
එහෙත් පලමුවෙන් මොනිටරය හොඳ තත්වයේ එකක් බව සහ මොනිටරයට අවශ්‍ය විදුලිය නිසි පරිදි ලැබෙන බව තහවුරු කරගත යුතුය.මොනිටරයේ ගැටළු නිසාද මෙවැනි තත්වයක් ඇතිවිය හැකි බැවින් මොනිටරය පිළිබඳව පළමුව සැලකිලිමත් විය යුතුය.මොනිටරයේ වීඩියෝ සංඥා ගෙන යන වයරයෙහි ඇති සම්බන්ධකයෙහි (Connector) තුඩු (Pin) ඇදවීම නිසාද රූප වල වර්ණ (Color) වෙනස් වීම් වලට ලක්වේ.ඒ නිසා පළමුවෙන් මොනිටරය පිළිබඳ සැලකිලිමත් වන්න.
               බොහෝ විට ඔන් බෝර්ඩ් ආකාරයේ වීඩියෝ කාඩ්පත් සහිත මව්පුවරු වල රැම් කාඩ්පත් දෝෂ සහිත වූ විටද දෝෂ සහිත වීඩියෝ සංඥා ලබාදෙනු ලබයි.සමහර අවස්ථාවන් හි යන්ත්‍රය ක්‍රියාත්මක වුවද වීඩියෝ සංඥා ක්‍රියාත්මක නොවීම සිදුවේ.ඔන්බෝර්ඩ් ආකාරයේ වීඩියෝ කාඩ්පතක් දෝෂ සහිත වූ විට රැම් කාඩ්පතපිළිබඳව මතුවන දෝෂ පිළිබඳව වඩාත් අවධානය යොමුකළ යුතුය.රැම් කාඩ්පත දෝෂ සහිත නොවේ නම් මව්පුවරුව පිළිබඳව මතුවන දෝෂ පිළිබඳව අවධානය යොමුකල යුතුය.එහෙත් බොහෝමයක් අවස්ථාවන් වලදී රැම් කාඩ්පත හෝ මව්පුවරුවෙහි දෝෂයක් නොමැතිනම් වීඩියෝ කාඩ්පතක් සවිකිරීම මගින් ගැටළුව නිරාකරණය කරගත හැක.
              වීඩියෝ කාඩ්පත වෙනමම සවිකරන ලද එකක් නම් ධාවක මෘදුකාංග නිවැරදිව ස්ථාපනය කර ඇත්නම් පළමුවෙන්ම වීඩියෝ කාඩ්පත ගලවා සම්බන්ධක අග්‍ර (Pin) පිරිසිදු කරගන්න.මේ සඳහා රෙදිකැබලි හෝ වෙනත් මාධ්‍යයක් භාවිතා කිරීමෙන් වලකින්න.මේ සඳහා රබර් පැන්සල් මකන කැබැල්ලක් (Pencil eraser) භාවිතා කරන්න.වීඩියෝ කාඩ්පත සවිවන ස්ලොව් (Slot) එක අපිරිසිදු නම් පමනක් ඇල්කොහොල් (Alcohol) හෝ සරිජිකල් ස්ප්‍රීතු (Surgical spirit)ස්වල්පයක් යෙදූ බුරුසුවක් (Brush) මගින් ඉතා ප්‍රෙව්ශමෙන් පිරිසිදු කරගන්න.වීඩියෝ කාඩ්පත සවි කිරීමට පෙර හොඳින් වියලී ඇති බවට තහවුරු කරගන්න.නවින පන්නයේ වීඩියෝ කාඩ්පතක් නම් ඒ සඳහා බලය සපයන බල සැපයුම් සම්බන්ධකය නිවැරදිව සවිවී ඇත්දැයි පරීක්ෂා කරන්න.දැන් නැවත පරිගණකය ක්‍රියාත්මක කර ගැටළුව නිරාකරණය වී ඇත්දැයි පරීක්ෂා කරන්න.


               එසේ නොමැතිනම් මව් පුවරුවට ගැලපෙන පරිදි සහ ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නව වීඩියෝ කාඩ්පතක් ස්ථාපනය (Install) කරන්න.වීඩියෝ කාඩ්පතෙහි ධාරිතාවය (Capacity) සහ මව්පුවරුවෙහි ඇති වීඩියෝ ස්ලොට් (Slot) එක පිළිබඳව සැලකිලිමත් වන්න‍.  

Comments

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)