රැම් පරිපථය සම්බන්ධව මතුවන දෝෂ හඳුනාගැනීම සහ පිළියම්

              රැම් පරිපථය හෙවත් සසම්භාවී ප්‍රවේශ මතකය (Random access memory) පරිගණකය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ප්‍රධාන දෘඩාංග කොටසකි. මේ සම්බන්ධව විස්තර පෙර රැම් පරිපථයලිපියෙන් ඉදිරිපත් කරන ලද අතර රැම් පරිපථය සම්බන්ධව මතුවන දෝෂ මොනවාදැයි විමසා බලමු.
    සාමාන්‍යයෙන් රැම් පරිපථය දෝෂ සහිත වූ විට පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මක වන අවස්ථාවේදී මව් පුවරුව මත පිහිටුවා ඇති ස්පීකරයෙන්(Speaker) කඩින් කඩ බීප් (Beep) හඬක් නැගෙන අතර මෙය සාමාන්‍යයෙන් එක් කෙටි බීප් හඬක් නැවත නැවත නොකඩවා ක්‍රියාත්මක වනු ලබයි.
             එහෙත් බොහෝ අවස්ථාවන් වලදී පරිගණකය ක්‍රියාත්මක වන අවස්ථාවකදී නිල් පැහැති පසුතලයක් මත සුදු පැහැති අකුරින් මතුවන පනිවිඩයක් (Blue screen error massage) සමඟ පරිගණක යන්ත්‍රය නැවත ක්‍රියාත්මක (Re start) වූයේනම් මෙයද රැම් පරිපථයෙහි දෝෂයක් විය හැකි අවස්ථාවකි.
                     සමහර අවස්ථාවන් වලදී පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මකව පවතින අවස්ථාවන්වලදී නැවත ක්‍රියාත්මක වීම (Re start) නිතර නිතර සිදුවේ නම් දෘඩ තැටිය (Hard disk) හොඳ තත්වයේනම් හෝ ප්‍රොසෙසරයේ උෂ්ණත්වය සාමාන්‍ය වේ නම් රැම් පරිපථයේ දෝෂයක් දැයි පරීක්ෂා කල යුතුය.සාමාන්‍යයෙන් ප්‍රොසෙසරය කාර්යක්ෂම අවස්ථාවන් වලදී සෙල්සියස් අංශක 60 ත් 65 ත් අතර උෂ්ණත්වයක පවතී.මෙය පරිගණකයෙහි බයෝස් වැඩසටහන තුලින් නිසි පරිදි පරීක්ෂා කල හැක.
             පරිගණකය භාවිතා කරනුයේ මව් පුවරුව මත පිහිටුවා ඇති (On board) වීඩියෝ කාඩ්පත නම් බොහෝ විට වීඩියෝ මතකය (VGA Memory) ලබා ගනුයේ රැම් පරිපථය මගිනි.මෙම මව් පුවරුව මත පිහිටුවා ඇති වීඩියෝ කාඩ්පත් (VGA Card) සහිත පරිගණකයක වීඩියෝ සිග්නල් (Video signal) නොලැබේ නම් හෝ වර්ණ දෝෂ සහිත දර්ශන ඇත්නම් එය රැම් පරිපථයෙහි දෝෂයක් බව නිගමනය කල හැක.
             මෙවැනි අවස්ථාවකදී පළමුවෙන්ම දෝෂය කුමක්දැයි විදසා බලා රැම් පරිපථයෙහි දෝෂයක් යැයි නිර්නය කල හැකිනම් පළමුවෙන්ම රැම් පරිපථය ගලවා පිරිසිදු කර නැවත ස්ථාපනය කර දෝෂය නිරාකරනය කිරීමට උත්සාහකරන්න.රැම් පරිපථය ස්ථාපනය කරන ආකාරය සහ නැවත ඉවත් කරගන්නා ආකාරය රැම් පරිපථයයන ලිපිය තුල සවිස්තරව ඉදිරිපත් කරන ලද අතර මෙය පහසුවෙන් කල හැකි මෙන්ම ඉතා ඉවසීමෙන් සහ ප්‍රෙව්ශමෙන් කල යුතුය.
             රැම් පරිපථය පිරිසිදු කිරීමේදී මෙය  වඩාත් ප්‍රෙව්ශමෙන් සිදු කර ගත යුතුය.ස්තිථි විද්‍යුතය (Static electric) නිසා රැම් පරිපථය හානියට ලක්වීමක් සිදුවිය හැකි නිසා ප්‍රති ස්ථිතික අත් පලඳනාවක් (Anti static wrist band) හෝ ප්‍රති ස්ථිතික අත් ආවරණයක් (Anti static gloves) භාවිතා කිරීම වඩාත් යෝග්‍යය.එහෙත් මෙය වඩාත් ප්‍රායෝගිකව යොදා ගත නොහැකි නිසා පිත්තල පහනක දෑත් පිස දමා ස්ථිති විද්‍යුතය මගින් සිදුවන බලපෑම අවම කර ගත හැකිය.සෑම විටම රැම් පරිපථය මධ්‍යයෙන් හෝ පිත්තල අග්‍ර (Pin line) සහිත කොටස අතින් නොඇල්ලීමට වග බලාගන්න.රෙදි කැබලි හෝ වෙනත් මාධ්‍යයක් රැම් පරිපථය පිරිසිදු කිරීම සඳහා යොදා ගැනීම යෝග්‍ය නැත.මේ සඳහා පිරිසුදු රබර් පැන්සල් මකන කැබැල්ලක් (Rubber pencil eraser) භාවිතා කරන්න.ඉතා ප්‍රෙව්ශමෙන් රැම් පරිපථයෙහි අග්‍ර සහිත කොටස දීප්තිමත් වනතුරු පිස දමන්න.
            මව් පුවරුව මත පිහිටා ඇති රැම් ස්ලොට් පිරිසිදු කිරීමට අවශ්‍යනම් සර්ජිකල් ස්ප්‍රීතු (Surgical spirit) හෝ ඇල්කොහොල් (Alcohol) ස්වල්පයක් සහ කුඩා බුරුසුවක් භාවිතාකර ප්‍රෙව්ශමෙන් පිරිසිදු කර ගන්න.රැම් කාඩ්පත ස්ථාපනය කිරීමට පෙර හොඳින් වියලී ඇතැයි නිගමනය කරගන්න.
            දැන් රැම් පරිපථය ස්ථාපනය කර පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මක කර දෝෂය නිරාකරණය වී ඇත්දැයි පරීක්ෂා කර බලන්න.නැතිනම් බීප් රැම් කාඩ්පත දෝෂ සහිත බව පෙන්වන බීප් හඬ නැගේ නම් රැම් කාඩ්පතෙහි වර්ගය පරීක්ෂාකර බලා ඒ සඳහා යෝග්‍ය වන නව රැම් කාඩ් පතක් මිලදී ස්ථාපනය කරන්න.බීප් හඬ නොලැබේ නම් වෙනත් දෘඩාංගයක් හෝ මෘදුකාංගයක දෝෂයක් ඇත්දැයි පළමුවෙන් පරීක්ෂා කර බලන්න.එසේ දෝෂයක් නොමැතිනම් නව රැම් කාඩ්පතක් ස්ථාපනය කරන්න.
            බොහෝ විට පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මක වන විට වීඩියෝ සංස්කරණය, පරිගණක ක්‍රීඩා කිරීම සහ වෙනත් මෘදුකාංග භාවිතා කරන අවස්ථාවන් හීදී පරිගණක යන්ත්‍රය සිරවීමක් (Struck) සිදුවේනම් ඹබගේ රැම් පරිපථයෙහි ධාරිතාවය අඩු නිසා විය හැක. එසේ සිදුවන්නේ නම් මතක ධාරිතාවය වැඩි නව රැම් පරිපථයක් ස්ථාපනය කිරීම වඩාත් උචිතය.එහෙත් පමණට වඩා රැම් ධාරිතාවය ඉහල දැමීම නිසා පරිගණකයෙහි වේගයෙහි වෙනසක් සිදුනොවේ.             

Comments

  1. නියමයි දිගටම ලියන්න

    ReplyDelete
  2. ස්තූතියි යාළුවා...

    ReplyDelete
  3. wow ,great collection of tutorials ,keep doing this .good luck

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)