මව්පුවරුව සම්බන්ධව මතුවන දෝෂ සහ හඳුනාගැනීම සහ පිළියම්

            මව්පුවරුව පරිගණක යන්ත්‍රයක පද්ධති ඒකකය (System unit) තුල ඇති සියළුම උපාංග සම්බන්ධවන ප්‍රධාන පරිපථය වේ.මව්පුවරුව ගැන සවිස්තරව මව්පුවරුවලිපියෙන් ඉදිරිපත් කරන ලදී.



             සාමාන්‍ය පරිගණකයක් පණ ගන්වන (Power on) අවස්ථාවේදී එක් කෙටි බීප් (Beep) හඬක් සහිතව පරිගණකය ක්‍රියාත්මක වනු ලබයි.එසේ නම් එම පරිගණක යන්ත්‍රෙයහි මව්පුවරුව දෝෂ සහිත නොවේ.එහෙත් පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මක වන අවස්ථාවේදී සාමාන්‍යයෙන් පවර් ඔන් සෙල්ෆ් ටෙස්ට් (Power on self test) / බියෝස් පොස්ට් (BIOS POST) වැඩ සටහන ක්‍රියාත්මක වන අතර මෙය මව්පුවරුව මත පිහිටුවා තිබෙන සීමොස් (CMOS/ Complementary metal oxide semi conductor ) චිපෙයහි රඳවා තිබෙන බියෝස් (BIOS) වැඩසටහන මගින් ක්‍රියාත්මක වේ.මෙමගින් පද්ධති ඒකකයට  (System unit) සම්බන්ධ වන සියළුම දෘඩාංග (Hard ware) පිළිබඳව තත්පර කිහිපයක් තුල පරීක්ෂා කර ඒ සම්බන්ධව වාර්ථාවක් තිරය (Screen) මත දර්ශනය (Display) කරනු ලබයි.
             මෙම අවස්ථාවේදී දෝෂ සහිත දෘඩාංග (Hard ware) ඇත්නම් ඒ පිළිබඳව විස්තරයක් තිරයෙහි (Screen) ඉදිරිපත් කරනු ලබයි.සමහර මව්පුවරු දෝෂ පනිවුඩය පෙන්වා තත්පර කිහිපයක් තුල ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ.එහෙත් සමහර මව්පුවරු ඉදිරියට යාම සඳහා යතුරු පුවරුව මත ඇති යතුරක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ.බොහෝමයක් මව්පුවරු වල මේ සඳහා එෆ් 1 (F1) යතුර යොදාගනී.බොහෝ අවස්ථාවන් වල මව්පුවරුවෙහි සීමොස් (CMOS) චිපය මත රඳවා ඇති තොරතුරු පරිගණකය අක්‍රීය වූ අවස්ථාවන් හිදී මැකීයාම වලක්වා ගැනීම සඳහා පිහිටුවා තිබෙන සීමොස් බැටරිය (CMOS Battery) ආරෝපණය (Charge) නොවීම නිසා එම තොරතුරු අක්‍රීය (Disable) වීම නිසාද මෙම අවස්ථාව සිදුවේ.
              සමහර අවස්ථාවන් වලදී බියෝස් (BIOS) වැඩසටහන තුල ඇති තොරතුරු නියමාකාරයෙන් සකස් නොකිරීම නිසා බොහෝ විට මෙම තත්වය ඇතිවේ.එම නිසා බියෝස් (BIOS) වැඩසටහනට පිවිස අනවශ්‍ය වැඩ සටහන් ක්‍රියාත්මක වීම නවතා දැමීම සිදුකල යුතුය.බොහෝ විට ෆ්ලොපි ඩිස්ක ධාවකයක් (Floppy disk drive) නොමැතිනම් එය අක්‍රීය (Disable) ලෙස සකස් කල යුතුය.තවද බියෝස් සැකසුම් (BIOS Settings) හැකි පමණ මව්පුවරු නිෂ්පාදකයා විසින් ලබා දී ඇති සාමාන්‍ය සැකසුම් (Default settings) භාවිතා කිරීමට උත්සාහ කරන්න.
             පළමුව ක්‍රියාත්මක වියයුතු මාධ්‍ය ලෙස මෙහෙයුම් පද්ධතිය (Operating system) අඩංගු දෘඩතැටිය (Hard disk) ලබාදෙන්න.යතුරු පුවරුව (Key board) සහ මවුසය (Mouse) සම්බන්ධකරන ආකාරය පී එස් ටූ (PS2) හෝ (USB) ලෙස සකස් කිරීමට ඇත්නම් එයද අවශ්‍ය පරිදි සකස් කරන්න.ප්‍රොසෙසර උෂ්ණත්වය පාලනය කිරීම බොහෝ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 70 පමණ අගයක් වන අතර මෙය නිසි පරිදි ඇත්දැයි පරීක්ෂා කරන්න.නැතිනම් නිසි පරිදි සකස් කිරීම සිදුකරන්න.නැතිනම් නිසි පරිදි සකස් කිරීම සිදුකරන්න.මෙය නිසි ලෙස නොමැති නම් ප්‍රොසෙසරය අධික ලෙස රත්වීම නිසා දැවී යාමට හැක.මෙසේ සැකසුම් සිදුකිරීම නිසා ප්‍රොසෙසරය අධික ලෙස රත්වීමක් සිදු වුවහොත් ස්වයංක්‍රීයව පරිගණක යන්ත්‍රය ක්‍රියා විරහිත වනු ඇත.
            බොහෝ මව්පුවරු මත යතුරු පුවරුව සහ මවුසය සඳහා යූ එස් බී (USB) හෝ පී එස් ටූ (PS2) ලෙස සැකසුම් සකස් කිරීම සඳහා පිනුවක් (Jumper) අන්තර්ගත කර ඇත.බොහෝ විට මෙය යොදා ගන්නා යතුරු පුවරුවෙහි සම්බන්ධකය යූ එස් බී (USB) නම් යූ එස් බී (USB) ලෙස ද පී එස් ටූ (PS2) නම් පී එස් ටූ  (PS2) ලෙස ද සැකසුම් සකස් කල යුතුය.නැතිනම් යතුරු පුවරුව (Key board) ක්‍රියාත්මක නොවනු ඇත.සාමාන්‍යයෙන් මෙය මව්පුවරුවෙහි පී එස් ටූ පෝර්ට් (PS2 Port) ආසන්නයේ දක්නට ඇත.එහෙත් සෑම මව්පුවරුවකම මෙය අන්තර්ගත නොවේ.
            එසේම සමහර මව්පුවරු මත මව් පරිගණකයෙහි ආවරණය (Chasing) සමඟ සම්බන්ධ වන ස්විචයක් සඳහා යොදා ගන්නා පිනුවක් (Jumper) දක්නට ඇත.මෙය ස්විචය (Switch) සඳහා යොදා නොගන්නේ නම් එය නිසි ආකාරයට සංවෘත (Closed) කර තැබි යුතුය.නැතිනම් පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මක නොවනු ඇති අතර ඇති අතර තිරය මත දෝෂ පණිවිඩයක් දැකගත හැක.


            බොහෝ අවස්ථාවන් වලදී පරිගණකය ක්‍රියාත්මක නොවේ නම් යන්ත්‍රයේ දර්ශක බල්බ (Display bulbs) නොදැල්වේ නම් සහ යන්ත්‍රය තුල ඇති පංකා (Fan) හෝ වෙනත් දෘඩාංග (Hard ware) ක්‍රියාත්මක නොවේ නම් පළමුවෙන්ම බල සැපයුම් ඒකකය (Power supply unit) පරීක්ෂා කර බලන්න.බල සැපයුම් ඒකකය නිසි අයුරින් ක්‍රියාත්මක වේ නම් එය නිෂ්චිත වශයෙන්ම මව්පුවරුවෙහි දෝෂයකි.
            තවද යන්ත්‍රය ක්‍රියාත්මක කල විට දර්ශක බල්බ (Display bulbs) දැල්වේ නම් පංකා (Fan) ක්‍රියාත්මක වේ නම් සහ අනෙකුත් දෘඩාංග (Hard ware) ක්‍රියාත්මක වේ නම් එහෙත් ක්‍රියාත්මක වන අවස්ථාවේ කෙටි බීප් (Beep) හඬ නොනැගේ නම් සහ මොනිටරයට (Monitor) වීඩියෝ සංඥා නොලැබේ නම් පළමුව වීඩියෝ කාඩ්පත (Video card) , රැම් පරිපථය (Ram circuit) සහ ප්‍රොසෙසරය (Processor) නිසියාකාරව ක්‍රියාත්මක වන බවට තහවුරු කර ගන්න.ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වේ නම් මෙය නිෂ්චිත වශයෙන්ම මව්පුවරුවෙහි දෝෂයකි.
            මෙහි අඩංගු වන්නේ මව්පුවරුව මත පිහිටුවා ඇති ඔන් බෝර්ඩ් (On board) ආකාරයේ වීඩියෝ කාඩ් පතක් නම් වෙනත් වීඩියෝ කාඩ්පතක් (Separate video card) සවිකර වීඩියෝ සංඥා (Video signal) ලැබේදැයි පරීක්ෂා කර බලන්න.එහෙත් යන්ත්‍රය ක්‍රියාත්මක වන අවස්ථාවේ කෙටි බීප් හඬ නොනැගේනම් එය බොහෝ විට මව්පුවරුවෙහි හෝ ප්‍රොසෙසරයෙහි (Processor) දෝෂයක් බවට අනුමාන කළ හැක.මව්පුවරුව (Mother board) හෝ ප්‍රොසෙසරය (Processor) දෝෂ සහිතනොවේ නම් වීඩියෝ කාඩ් පතෙහි (Video card) හෝ රැම් කාඩ්පතෙහි (Ram card) දෝෂයක් නම් එය අපට බීප් සංඥා (Beep signal) මගින් පෙන්වනු ලබයි.රැම් කාඩ්පත (Ram card) සම්බන්ධව බොහෝ විට ඒකාකාර කෙටි බීප් හඬක් නැගෙන අතර වීඩියෝ කාඩ්පත (Video card) සම්බන්ධව සාමාන්‍යයෙන් කෙටි බීප් හඬ තුනක් සහ එක් දිගු බීප් හඬක් වශයෙන් ක්‍රියාත්මක වනු ඇත.මෙය බොහෝ විට මව්පුවරු නිෂ්පාදකයාට අනුව වෙනස් විය හැකි නමුත් සාමාන්‍යයක් වශයෙන් පහත පරිදි වේ.
             පළමුවෙන්ම හැකි උපරිම අයුරින් මව්පුවරුව පරීක්ෂාකර බලන්න.වෙනත් දෘඩාංග දෝෂ සහිත නොමැති බව තහවුරු කරගන්න.බල සැපයුම නිසියාකාරව ක්‍රියාත්මක වන බව තහවුරු කරගන්න.
             අවසාන වශයෙන් මව්පුවරුව ආවරණයෙන් ඉවත් කරගන්න.ඉන් පසු විදුලිය කාන්දු නොවන පිරිසිදු මතුපිටක තබන්න.රැම් පරිපථය, ප්‍රොසෙසරය, වීඩියෝ කාඩ්පත, බලසැපයුම් ඒකකය නිසි පරිදි සවිකර ගන්න. මොනිටරය සහ යතුරු පුවරුව පමනක් සම්බන්ධ කර බල සැපයුම් ස්විචයට සම්බන්ධ පිනු (Jumper) ක්‍රියාත්මක කර උත්සාහ කර බලන්න.මෙම අවස්ථාවේදී යන්ත්‍රය ක්‍රියාත්මක වේනම් මව්පුවරුවෙහි දෝෂයක් නැත. එසේනම් මව්පුවරුව ආවරණය (Casing) හා සම්බන්ධ වන ස්ථාන වල ලුහුවත් (Short) වීම් ඇත්දැයි පරීක්ෂා කර 
බලන්න.නැත්නම් මේ අවස්ථාවේ සම්බන්ධ නොකල දෘඩාංග කොටස් එකින් එක පරීක්ෂා කර බලන්න.මෙසේ මව්පුවරුවක් පරීක්ෂා කිරීම බෙන්ච් ටෙස්ට් (Bench test) ලෙස හඳුන්වයි.මව්පුවරුව අපිරිසිදු නම් කුඩා පින්සලක් ආධාරයෙන් ප්‍රෙව්ශමෙන් පිරිසිදු කරගන්න.   
               මව්පුවරුව ක්‍රියාත්මක නොවේනම් එම මව්පුවරුව වෙනුවට නව මව්පුවරුවක් තෝරාගත යුතුය.නව මව්පුවරුවක් තෝරා ගැනීමේදී යන්ත්‍රයෙහි තිබෙන සියළුම  දෘඩාංග කොටස් හා ගැලපෙන බවට තහවුරු කරගත යුතුය.රැම් පරිපථය, ප්‍රොසෙසරය, වීඩියෝ කාඩ් පත, වෙනත් අතිරේක කාඩ්පත් සමඟ ක්‍රියාත්මක වන බවට සහ ඒවා සම්බන්ධ කිරීමට පහසුකම් ඇත්දැයි පරීක්ෂාකාරී විය යුතුය.මව්පුවරුවෙහි ප්‍රමාණය සහ ඇණ සිදුරු සම්බන්ධව සැලකිලිමත් විය යුතුය.පාවිච්චි කරන ලද මව්පුවරුවක් මිලදී ගන්නේනම් පසු පැනලය (Back panel) සම්බන්ධව සැලකිලිමත් විය යුතුය.
             බොහෝ විට නව මව්පුවරුවක් ස්ථාපනය කළ පසු මෙහෙයුම් පද්ධතිය (Operating system) සහ ධාවක මෘදුකාංග (Device drivers) නැවත පිහිටුවීම කළයුතුය.

Comments

  1. ඇත්තටම වටිනා ලිපියක්.සියල්ල පැහැදිලියි .නිරවුල් සුභ පතනවා!!!

    ReplyDelete
  2. මං හිතන්නේ වටිනා බ්ලොග් එකක් මේක... දිගටම ලියන්න...

    ReplyDelete
  3. ගොඩක් හොදයි...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)