Posts

Showing posts from March, 2012

මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය (Install operating system)

Image
                        පරිගණකය සහ එය භාවිත කරන්නා අතර අන්තර් සම්බන්ධය ගොඩනැගීම සඳහා මෙහෙයුම් පද්ධතිය (Operating system) ස්ථාපනය කළ යුතුය.විවිධ ආයතන මගින් විවිධ කටයුතු සඳහා නොයෙක් ආකාරයේ මෙහෙයුම් පද්ධති නිෂ්පාදනය කර ඇත.එහෙත් බොහෝ විට පුද්ගල පරිගණක (Personal computer) සඳහා යොදා ගන්නා මෙහෙයුම් පද්ධති කිහිපයක් ලෝකයේ ජනප්‍රිය වී   ඇත.මෙයින් සමහර ඒවා නොමිලයේ (Free ware) ලබාදෙන අතර සමහර මෙහෙයුම් පද්ධති අදාල සමාගම් වලින් මිලදී ගත යුතුය.මේවා සීඩී හෝ ඩීඩීඩී ආකාරයෙන් බූටබල් ඩිස්ක (Bootable disk) වශයෙන් ඉදිරිපත් කරයි.මෙය ස්ථාපනය කරන ආකාරය එකින් එකට වෙනස් වන අතර සාමාන්‍යයෙන් ස්ථාපනය (Install) කරන අයුරු විධාන (Command) මගින් පියවරෙන් පියවර පෙන්වනු ලබයි.

පද්ධති ඒකකය එකලස් කිරීම (Assemble system unit)

Image
                         පරිගණක දෘඩාංග (Computer hardware) එකලස් කර පරිගණක යන්ත්‍රයක් (Computer) සාදා ගැනීම ඉතාමත් පහසු , ලාභදායී සහ විනෝද ජනක ක්‍රියාවලියකි . එහෙත් දැඩි අවධානයක් සහ අවබෝධයක් සහිතව නිවැරදි අයුරින් සියළුම කොටස් මනාව එකලස් කරගත යුතුය . බොහෝ විට කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුය . ඇණ සවිකිරීම සහ වෙනත් කටයුතු සඳහා හොඳ තත්වයේ ආම්පන්න (Tools) භාවිතා කර නිසි පරිදි ක්‍රමානුකූලව භාවිතා කර සිදුකර ගත යුතුය . බොහෝ විට ප්‍රති - ස්ථිතික අත් පළඳනාවක් (Anti-static wrist band) භාවිතා කිරීම දෘඩාංග වල ආරක්ෂාවට හොඳය .

අයි ඩී ඊ කේබල් සහ සාටා කේබල් (IDE & SATA Cable)

Image
                         පරිගණකයට දෘඩ තැටි සහ සීඩී / ඩීවීඩී තැටි ධාවක සම්බන්ධ කිරීමේදී ඒවා මව්පුවරුව සමඟ දත්ත හුවමාරු කරන ක්‍රමය අනුව පැරලල් ඒටීඒ (Parallel ATA) සහ සීරියල් ඒටීඒ (Serial ATA) ලෙස තාක්ෂණික (Technical) වශයෙන් ක්‍රම දෙකකට වර්ග වන අතර සීරියල් ඒ ටී ඒ තාක්ෂණය වඩාත් වේගවත් ලෙස දත්ත හුවමාරු කරන නවීන තාක්ෂණය වේ . එහෙත් සමහර නවීන මව්පුවරු මතද පැරලල් ඒ ටී ඒ තාක්ෂණය යොදා ගනු ලබන අයි ඩී ඊ   පෝර්ට්ස් දක්නට ලැබෙයි .

සීඩී/ඩීවීඩී තැටි ධාවකය (CD/DVD Disk drives)

Image
                         විවිධ වෙළඳ නාම සහ විවිධ පහසුකම් සහිත සීඩී / ඩීවීඩී තැටි ධාවක වෙළඳපොලෙන් මිලට ගත හැකි අතර බොහෝ විට සීඩී / ඩීවීඩී තැටි ලිවීමට හාකියාව ඇති රයිටර්  (Writer) එකක් මිලදී ගැනීම බොහෝ ප්‍රයෝජනවත් විය හැක . මේවාද දෘඩ තැටි මෙන්ම මව් පුවරුව සදඟ දත්ත හුවමාරු කරන ක්‍රමය අනුව පැරලල් ඒ ටී ඒ (Parallel ATA)  සහ සීරියල් ඒ ටී ඒ  (Serial ATA) ලෙස වර්ග කල හැක . මෙවන් සීඩී / ඩීවීඩී තැටි ධාවකයක් මිලදී ගන්නා විට විශේෂයෙන් අයි ඩී ඊ  (IDE) සහ සාටා  (SATA) පිළිබඳ සැලකිලිමත් විය යුතුය . තවද දත්ත කියවන වේගය සහ දත්ත ලියන වේගය පිළිබඳව සැලකිලිමත් විය යුතුය .

දෘඩ තැටිය (Hard disk)

Image
                    පරිගණකයෙහි ප්‍රධානම ද්විතියික මතක උපාංගය (Secondary storage device) මෙන්ම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (Operating system) ස්ථාපිත කරනු ලබන ස්ථානය වන්නේ ද දෘඩ තැටියයි (Hard disk). එම නිසා දෘඩ තැටිය මිලදී ගන්නා විට සොයා බැලිය යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත . විවිධ වෙළඳ නාම යටතේ විවිධ මිල ගනන් යටතේ විවිධ ධාරිතාවයන්ගෙන් සහ වේගයන්ගෙන් යුත් දෘඩ තැටි වෙළඳපොලෙන් මිළදී ගත හැක .

ආවරණය (Casing)

Image
                        පද්ධති ඒකකයෙහි සියළුම උපාංග රඳවා ඇති කොටස හෙවත් පරිගණකයෙහි ආවරණය අපට අවශ්‍ය පරිදි නිවැරදිව තෝරා ගත යුතුය . වෙළඳපොලෙහි විවිධ වෙළඳ නාම සහ විවිධ පහසුකම් සහිතව විවිධ මිල ගනන් වලට පරිගණක ආවරණයක් මිලදී ගත හැක .

බල සැපයුම් ඒකකය (Power supply unit)

Image
                    පරිගණකයෙහි පද්දති ඒකකය (System unit) තුල පිහිටා ඇති උපාංග ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වන විදුලිය නිසි අයුරින් පාලනය කර බෙදා හැරීම සඳහා බල සැපයුම් ඒකකය යොදා ගනී . මේ සඳහා විවිධ වොට්( Watt) ප්‍රමාණයන්ගෙන් යුතු විවිධ වර්ගයන්ගේ බල සැපයුම් ඒකක වෙලඳපොලෙන් මිලදී ගත හැක .

එක්ස්පැන්ෂන් ස්ලොට් (Expansion slot)

Image
                         එක්ස්පැන්ෂන් ස්ලොට්ස් යනු මව්පුවරුව මත  පිහිටා ඇති නොයෙක් කාර්යයන් සඳහා යොදාගන්නා ඉන්පුට් අවුට්පුට් කාඩ් (Input output card) සම්බන්ධ කරනු ලබන ස්ලොට්ය . මේවා  කාලයත් සමඟ වඩාත් කාර්යක්ෂම ලෙස නවීකරනය වෙමින් මේ දක්වා පැමින ඇත . නවීන මව් පුවරු වල මේ සඳහා යොදාගනු ලබන්නේ පී සී අයි එක්ස්ප්‍රස් (PCI Express) හෝ පී සී අයි (PCI) ස්ලොට්ස්ය . පී සී අයි එක්ස්ප්‍රස් ස්ලොට්ස් වඩා වේගවත්ය .