රැම් පරිපථය (RAM)

        සසම්භාවී ප්‍රෙව්ශ මතකය(Random access memory) හෙවත් රැම් එක යනු පරිගණකය ක්‍රියාත්මක වන අවස්ථාවේදී පමනක් ක්‍රියාත්මක වන මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත සහ තොරතුරු තාවකාලිකව රඳවා තබාගන්නා ප්‍රාථමික මතක උපාංගයයි (Primary storage device).වීඩියෝ කාඩ්පත ඹන් බෝර්ඩ් (On board) පිහිටා ඇති මව්පුවරුවල වීඩියෝ මතකය(Video memory) ගබඩා කරගැනීම සඳහාද රැම් කාඩ්පත උපයෝගී කරගනී.තවද පරිගණකය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී මෙහෙයුම් පද්දතියට (Operating system) අදාල තොරතුරු දෘඩ තැටිය (Hard disk) මගින් රැම් කාඩ්පත වෙත ලබාගනියි. විදුලි බලය ඇතිතාක් මතකය ගබඩාකර තබාගන්නා අතර විදුලි බලය විසන්ධි කල විට මෙහි ඇති තොරතුරු මැකීයයි.අප යම්කිසි කාර්යයක් සිදුකරන අවස්ථාවේදී ද්විතීය ගබඩා මාධ්‍යයක (Secondary storage media) ගබඩා කරනතුරු රැම් කාඩ්පත තුල රඳවා තබා ගන්නා අතර හැකි සෑම විටකම කරනලද කාර්යය දෘඩ තැටියෙහි හෝ වෙනත් ගබඩා මාධ්‍යයක ගබඩා කිරීම මගින් එහි ආරක්ෂාකාරීව තබාගත හැක.
            පරිගණකයෙහි ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය උපාංගයක්වන රැම්කාඩ්පත පරිගණකයෙහි වේගය(System speed) අඩු වැඩි වීම කෙරෙහිද බලපායි.මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ සිට වැඩි සැකසුම්(Process) ප්‍රමානයක් සිදුවන මෘදුකාංග (Software) භාවිතා කරන විටද රැම් කාඩ්පතෙහි ඝටිකා වේගය (Clock speed) සහ ගබඩා කරගතහැකි ප්‍රමානය ඒ සඳහා අවශ්‍ය පරිදි නොමැතිවුවහොත් ගැටලු සහිත තත්වයකට පත්විය හැක.
            රැම්කාඩ්පත මිලදී ගන්නා විට මව් පුවරුවට ගැලපෙන ඝටිකා වේගය සහ ගබඩා කරගතහැකි ප්‍රමානය පරිදි තෝරා ගතයුතුය.මව්පුවරුව මත පිහිටා ඇති දෙපසින් අගුලු දෙකක් සහිත රැම් ස්ලොට් (Ram slot)දෙකක් හෝ වැඩි ප්‍රමානයක් පිහිටා ඇති අතර මව්පුවරුවට අනුව රැම්කාඩ්පතෙහි වර්ගය තීරනය කල යුතුය.රැම්කාඩ්පත් එකක් හෝ කිහිපයක් මව්පුවරුවට සම්බන්ධ කලහැක.
            විවිධ කාල පරාසයන් වලදී රැම්කාඩ්පත් නිපදවන සමාගම් විසින් නොයෙක් ආකාරයෙන් වැඩි දියුනු කරන ලද රැම්කාඩ්පත් ඉදිරිපත් කල අතර මෙම සෑම රැම්කාඩ්පතක්ම සෑම මව්පුවරුවකටම සවිකල නොහැක.මව්පුවරුවට ගැලපෙන රැම් කාඩ්පත තෝරා ගැනීමේදී මව්පුවරුව නිෂ්පාදකයා(Manufacturer) විසින් ලබා දෙන අත් පොතෙහි(Manual) ගැලපෙන රැම් කාඩ්පත් වර්ගය සඳහන් කර ඇති අතර මව්පුවරුව මත පිහිටා ඇති රැම් ස්ලොට්(Ram slot) පැහැදිලිව නිරීක්ෂනය කිරීමෙන් හඳුනාගත හැක.
            රැම් කාඩ්පතෙහි වර්ගය අනුව එහි පහල මව්පුවරුව සමග සම්බන්ධ වන කොටසෙහි පිහිටා ඇති කැපුම් කොටස් (Notch) අතර දුර පුමානයන් මත රැම් කාඩ්පතෙහි වර්ගය තීරනය කරනු ලබයි.දැනට වෙලඳ පොලෙහි පවතින රැම්කාඩ්පත් වර්ග අතර ඩී.ඩී.ආර් 1 (DDR1), ඩී.ඩී.ආර් 2 (DDR2), ඩී.ඩී.ආර් 3 (DDR3) යන  රැම්කාඩ්පත් වර්ග දැකගතහැක.
            ඩී.ඩී.ආර් 1 රැම් කාඩ්පත් වල දත්ත සැකසුම් වේගය තත්පරයට මෙගා බිට් 200 (200Mbps) සිට 400 (400Mbps)දක්වා වන අතර ඩී.ඩී.ආර් 2 රැම් කාඩ්පත් වල දත්ත සැකසුම් වේගය තත්පරයට මෙගා බිට් 400 (400Mbps) සිට 800 (800Mbps) දක්වාද, ඩී.ඩී.ආර් 3 රැම් කාඩ්පත් වල  දත්ත සැකසුම් වේගය  තත්පරයට මෙගා බිට් 800 (800Mbps)සිට 1600 (1600Mbps)දක්වාද වේ. ඩී.ඩී.ආර් 1 රැම් කාඩ්පත් වල ක්‍රියාකාරී වෝල්ටීයතාවය වෝල්ට්2.5 (2.5V)ක් ද, ඩී.ඩී.ආර් 2 රැම් කාඩ්පත් වල  ක්‍රියාකාරී වෝල්ටීයතාවය වෝල්ට්1.8 (1.8V) ක් ද, ඩී.ඩී.ආර් 3 යන  රැම්කාඩ්පත් වල  ක්‍රියාකාරී වෝල්ටීයතාවය වෝල්ට්1.5 (1.5V) ක් ද ලෙස දැක්වේ.මෙම නිසා ඩී.ඩී.ආර් 3 රැම් කාඩ්පත් රත්වීම අඩු අතර වේගය අතින්ද ඉතා උසස් තත්වයක පවතී.
            රැම් කාඩ්පත ගැන විස්තර ඒ මතම කුඩා ස්ටිකරයක සඳහන් කරඇත.මව් පුවරුවට ගැලපෙන රැම් කාඩ්පත තෝරා ගැනීමෙන් පසුව එය ඉතා පරිස්සමින් මව්පුවරුවට සම්බන්ධ කරගත යුතුය.මව්පුවරුව මත පිහිටා ඇති රැම් ස්ලොට් එක දෙපස පිහිටා ඇති අගුලු(Lock) දෙක පරිස්සමින් දෙපසට කර  රැම් කාඩ්පතෙහි පිහිටා ඇති කැපුම් කොටස්(Notch) නිසි පරිදි රැම් ස්ලොට්(Ram slot) එක මත පිහිටි නෙරපුම් මතට සමාන්තරව තබා සීරුවෙන් පහලට තෙරපන්න.අනවශ්‍ය ලෙස බලය යෙදීම නිසා රැම් කාඩ්පත හෝ මව්පුවරුව පලුදු විය හැකි නිසා ඉතා පරිස්සමින් සිදු කිරීමට මතකතබා ගන්න.

           නිසි ආකාරයට රැම් කාඩ්පත සම්බන්ධ නොවීම නිසා ගැටලු මතු විය හැක.රැම් කාඩ්පත නිසිපරිදි සම්බන්ධ නොවුනේනම් මව් පුවරුවමත පිහිටා ඇති ස්පීකරයෙන් බීප් හඬක් කඩින් කඩ නගනු ඇත.රැම් කාඩ්පත සවිවන මව් පුවරුව මත පිහිටා ඇති රැම් ස්ලොට් එක සහ රැම් කාඩ්පතෙහි අග්‍ර පිරිසිදුව තිබිය යුතුය.නැතිනම් පිරිසිදු මකන කැබැල්ලක් ගෙන ඉතා පරිස්සමින් රැම් කාඩ්පතෙහි අග්‍ර සහිත කොටස(Pin line) පිරිසිදු කරගන්න.පිරිසිදු බුරුසුවක් සහ සර්ජිකල් ස්ප්‍රීතු හෝ ඇල්කොහොල් ස්වල්පයක් ගෙන මව්පුවරුව මත පිහිටා ඇති රැම් ස්ලොට්(Ram slot) එක ඉතා පරිස්සමින් පිරිසිදු කරගත හැක.ඝටිකා වේගය(Clock speed) එකිනෙකට සමාන ‍නොවන රැම් කාඩ්පත් හෝ මව්පුවරුවේ ඝටිකා වේගයට නොගැලපෙන ඝටිකා වේගයක් සහිත රැම් කාඩ්පත් භාවිතා කිරීම නිසා ද ගැටලු මතු විය හැක.ඒ නිසා හැකි සෑම විටම එකිනෙකට සමාන ඝටිකා වේගයක් සහිත රැම් කාඩ්පත් ලබාගැනීමට උත්සාහ කරන්න.ඹබේ පරිගණකයෙහි වේගය(System speed) උසස් තත්වයක තබා ගත හැක.
                        රැම් කාඩ්පත නැවත ඉවත් කිරීමට සිදු වුවහොත් දෙපසින් ඇති අගුලු දෙක පහලට තල්ලු කල විට රැම් කාඩ්පත ඉබේම රැම් ස්ලොට් එක මතින් ඉවත් වනු ඇත.

Comments

  1. mage comeke rame eka ddr3 2gb eth speed eka 800 eka wadi karanna barida...?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය DDR3 රැම් කාඩ්පතක තත්පරයට මෙගා බිට් 800(800Mbps)සිට 1600(1600Mbps) දක්වා අගයන් සහිතව මිලදී ගත හැක.නමුත් මව් පුවරුවෙහි ෙප්‍රාසෙසරයෙහි ඝටිකා වේගයට ගැලපෙන පරිදි රැම් පරිපථය තෝරා ගත යුතුය.එසේ නොවුවහොත් මෙය ගැටළු සහිත විය හැක.මව්පුවරු නිෂ්පාදකයා විසින් ලබාදෙන අත් පොතෙහි හෝ නිෂ්පාදකයාගේ වෙබ් පිටුව තුල මේ පිළිබඳව තොරතුරු ඇතුලත් කර ඇත.මව්පුවරුවට ගැලපෙන උපරිම ඝටිකා වේගයක් සහිත රැම් පරිපථයක් යොදා ගැනීම යන්ත්‍රයෙහි ක්‍රියාකාරීත්වය වේගවත් කරයි.එසේම වැඩි ඝටිකා වේගයක් ලබාගැනීම සඳහා ඕවර් ක්ලොක් (Over clock) සැකසුම් සහිත මව්පුවරු සහ රැම් පරිපථ වෙළඳපලෙන් මිලදී ගත හැක.මේවා වඩාත් කාර්යක්ෂම ඒවා වන මුත් වීඩියෝ සැකසුම් කිරීම, නවීන පරිගණක ක්‍රීඩා වල නිරත වීම හෝ ත්‍රිමාන සජීවී කරණය වැනි වැඩි ධාරිතාවයක් සහිත කටයුතු සඳහා භාවිතයට ගැනීමට සුදුසුය.එහෙත් පරිගණකයක් ඕවර් ක්ලොක් කිරීම නිසා එහි උෂ්ණත්වය ඉක්මනින් ඉහලයාම සිදුවේ.මේ නිසා පරිගණක යන්ත්‍රයෙහි සිසිලන පද්ධතිය මෙන්ම ෙප්‍රාසෙසරයෙහි උෂ්ණත්වය පාලනය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.එහෙත් සාමාන්‍ය රැම් පරිපථයක් සහිත පරිගණකයක් ඕවර් ක්ලොක් කිරීම එතරම් යහපත් නොවේ.ඒ සඳහා නිෂ්පාදනය කරනු ලබන රැම් පරිපථ වෙළඳපලෙන් මිලදී ගත හැක.දැනට වෙළඳපලෙහි ඇති සාමාන්‍ය DDR3 රැම් පරිපථයක වේගය 800Mbps පමන වේ.

      Delete

Post a Comment

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)