Posts

Showing posts from February, 2012

වීඩියෝ කාඩ්පත(Video card)

Image
                        පරිගණකයක ප්‍රධාන ප්‍රතිදාන ඒකකය (Output unit) වන මොනිටරය (Monitor) මගින් ලබාදෙන රූප සැකසුම එහෙමත් නැතිනම් වීඩියෝ අවුට් පුට් (Video output) එක සඳහා අවශ්‍ය වන වීඩියෝ සංඥා (Video signal) සැකසීම සිදු කරනු ලබන්නේ වීඩියෝ කාඩ්පත (Video card) මගිනි .

රැම් පරිපථය (RAM)

Image
         සසම්භාවී ප්‍රෙව්ශ මතකය (Random access memory) හෙවත් රැම් එක යනු පරිගණකය ක්‍රියාත්මක වන අවස්ථාවේදී පමනක් ක්‍රියාත්මක වන මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත සහ තොරතුරු තාවකාලිකව රඳවා තබාගන්නා ප්‍රාථමික මතක උපාංගයයි (Primary storage device). වීඩියෝ කාඩ්පත ඹන් බෝර්ඩ් (On board) පිහිටා ඇති මව්පුවරුවල වීඩියෝ මතකය( Video memory) ගබඩා කරගැනීම සඳහාද රැම් කාඩ්පත උපයෝගී කරගනී . තවද පරිගණකය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී මෙහෙයුම් පද්දතියට (Operating system) අදාල තොරතුරු දෘඩ තැටිය (Hard disk) මගින් රැම් කාඩ්පත වෙත ලබාගනියි . විදුලි බලය ඇතිතාක් මතකය ගබඩාකර තබාගන්නා අතර විදුලි බලය විසන්ධි කල විට මෙහි ඇති තොරතුරු මැකීයයි . අප යම්කිසි කාර්යයක් සිදුකරන අවස්ථාවේදී ද්විතීය ගබඩා මාධ්‍යයක (Secondary storage media) ගබඩා කරනතුරු රැම් කාඩ්පත තුල රඳවා තබා ගන්නා අතර හැකි සෑම විටකම කරනලද කාර්යය දෘඩ තැටියෙහි හෝ වෙනත් ගබඩා මාධ්‍යයක ගබඩා කිරීම මගින් එහි ආරක්ෂාකාරීව තබාගත හැක .