Posts

Showing posts from January, 2012

ප්‍රොසෙසරය (PROCESSOR)

Image
              දැනට ලෝකයේ භාවිතාකරන ප්‍රධාන ප්‍රොසෙසර වර්ග 2 ක් ඇත . එනම් ඉන්ටෙල් (Intel) සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසර සහ ඒ එම් ඩී (AMD) සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසර වේ . වඩාත් ජනප්‍රිය ප්‍රොසෙසර වන්නේ  ඉන්ටෙල් සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසරයි . ඒ එම් ඩී සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසර ඉක්මනින් රත්වීමට ලක්වන නිසා එම ප්‍රොසෙසර කාර්යක්ෂමතාවය අඩු යැයි මතයක් පවතී

මව්පුවරුව (MOTHER BOARD)

Image
                      පරිගණකයෙහි සියලු කොටස්  මව්පුවරුව සමඟ සම්බන්ධ වේ . මේ සඳහා මව්පුවරුව මත සොකට් (Socket) පිහිටා ඇත . සෑම මව්පුවරුවක් අනුවම ඒ සඳහා යොදා ගන්නා බල සැපයුම (Power supply), ප්‍රොසෙසරය (Processor), රැම් කඩ් පත (RAM), සහ දෘඩතැටි (Hard disk), සීඩී / ඩීවිඩී ධාවක (CD/DVD Rom) යන උපාංග වල වෙනස්කම් දැකිය හැක . මේ නිසා මව්පුවරුව තෝරා ගැනීමේදී මේ පිලිබඳ මනා අවබෝධයකින් සිටිය යුතුය .

පද්ධති ඒකකය (SYSTEM UNIT)

Image
                         පද්ධති ඒකකය යනු පරිගණකයෙහි ප්‍රධාන කොටස වේ . පරිගණකය තුල සියලුම සැකසීම් , දත්ත ගබඩා කිරීම , පාලනය සිදු කරනු ලබන්නේ මෙම කොටස තුලය .                         අපි ප්‍රධාන වශයෙන් කතා කරනු ලබන්නේ පද්ධති ඒකකය තුල ක්‍රියාකාරීත්වය සහ සැකැස්ම සිදුකරන ආකාරය පිලිබඳවයි .

පරිගණකයක් හදමු (BULD COMPUTER)

Image
ඉතින් කොම්පියුටරයක් හදන්න ඉස්සරවෙලා අපි දැනගන්න ඕනෙ අ‍පේ අවශ්‍යතාවය . අද ලෝකයේ බොහොමයක් දෙනා බොහොමයක් වැඩකරගන්න කොම්පියුටරය යොදාගන්නවා . ඒ නිසා අතේ තබාගෙන බාවිතකලහැකි “Palm top“ සිට ගොඩක් බලසම්පන්න සුපිරි පරිගණක ( Super computer) පරිගණක පවා බිහිවී තිබෙනවා .            අපි මේ ඉගෙනගන්නේ සාමාන්‍යයෙන් භාවිතා කරන ඩෙස්ක්ටොප් පරිගණකයක් (Desktop computer) එකලස් කිරීම සිදුකරන ආකාරය පිලිබඳවයි .  මුලින්ම පරිගණකයෙහි මූලික කොටස් සහ ඒවායින් සිදුවන කාර්යයන් හඳුනාගනිමු .